බෝදාගම චන්දිම නා හිමියෝ සියමයේ චූලාලංකෝර් විශ්වවිද්‍යාලයීය
ගෞරව සම්මානයෙන් පිදුම්
ලබති
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති සාහිත්‍ය
සූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේට තායිලන්තයේ පැරැණිතම හා ප්‍රධානතම
රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන චූලාලංකෝර් විශ්වවිද්‍යාලය මඟින් ගෞරව ආචාර්ය උපාධිය
පිරිනමා තිබේ.
එම සැමැරුම් උලෙළ උන්වහන්සේගේ ජන්ම දින සැමරුම යෙදී ඇති මෙම 03 දා පස්වරු 2.30ට
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. |