සිත
සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුව
මනුෂ්‍යයාගේ සියලු කටයුතු සඳහා සිත ප්‍රධාන වෙයි. සිත ශ්‍රේෂ්ඨ වෙයි.
පින් සිතුවිලි පුරවාගෙන සිත යහපත් ලෙස සකස් කර ගතහොත් අපට කළ හැකි දේ බොහෝ ය. යමෙක්
පවිටු සිතින් යමක් සිතයි නම්, කියයි නම්, කරයි නම් ඒ තැනැත්තා පසුපස ගොනා පසුපස යන
කරත්ත රෝදය මෙන් දුක ලුහුබැඳ එයි. යමෙක් ප්‍රසන්න වූ කුසල සහගත සිතිවිලි සහිත ව
යමක් සිතයි නම්, කියයි නම්, කරයි නම් ඒ තැනැත්තා පසුපස තමා පිටුපස එන සෙවණැල්ල මෙන්
සැප ගමන් කරයි. සී.එම්.පී. කුමාරිහාමි |