නවම් පොහොය දා
පැතුමින් අනොමදස්සී බුදු හිමිට කළ
ගෞතම සසුන ඉටුවන බව කරුණු ඵල
අප බුදු හිමි හමුව ගෞතම සසුන තුළ
ලැබුණා දෙදෙන වෙත අගසව් පදවි පෙළ
පෙර කළ පින් සැරියුත් මුගලන්ට තිබේ
වෙර බැඳ නොගනු මැන කුසලයෙ ඵලය ලැබේ
මා හිමි දෙසන විට පැතුමක් අහස් ගැබේ
ඇසුනා සාධු හඬ දෙව්ලොව දුරට ඉබේ
කිවිපති කැස්බෑවේ මුණසිංහ නිශ්ශංක |