Print this Article


නවම් පොහොය දා

නවම් පොහොය දා

පැතුමින් අනොමදස්සී බුදු හිමිට කළ
ගෞතම සසුන ඉටුවන බව කරුණු ඵල
අප බුදු හිමි හමුව ගෞතම සසුන තුළ
ලැබුණා දෙදෙන වෙත අගසව් පදවි පෙළ

පෙර කළ පින් සැරියුත් මුගලන්ට තිබේ
වෙර බැඳ නොගනු මැන කුසලයෙ ඵලය ලැබේ
මා හිමි දෙසන විට පැතුමක් අහස් ගැබේ
ඇසුනා සාධු හඬ දෙව්ලොව දුරට ඉබේ