අනියත ලොව
ලොව ඇති සැම දේ
නැති වී යන්නේ
තිර නැත කිසිවක්
මුළු ලෝ තලයේ
සිඳු රළ පෙළ නැඟි
පෙණ කැටි විලසේ
කවදා කොතැන ද
කොයි ලෙස නැති වෙද
කිව හැකි සමතෙක්
මෙදියත නැත්තේ
අදරින් බැඳුණ ද
අඹුදරු දිනකදි
අහිමි වේ ය ලොව
දිය දම විලසිනි
හැදු වැඩු මාපිය
දෙපළ ද නැති වේ
අප හට අපවත්
හිමි නැත මේ ලොව
කම්පිත නොවෙමු
මුනි බණ විලසේ
සිතින් කයින් අත්හළහොත් සැම
එය වේ සැනසුම ලොවේ උතුම්
අචින්ති තම්පි භවතී
චින්ති තම්පි විනස්සතී
නොසිතු දෙය ද සිදු වෙයි
සිතු දෙය ද වැනසෙයි
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |