Print this Article


සංසාරික ගමන

සංසාරික ගමන

නේක තරාතිරම්, - සමාජ මට්ටම්වලට බෙදී ගියේ නමුදු, අපි සෑම සියලු දෙනා ම එක ම පොදු ලක්ෂණයක සංසාරික උරුමකරුවෝ වෙමු. එනම්, මහා තෘෂ්ණා පිපාසයෙන් සුළු දෙයටත් බැඳී අවිද්‍යා ඉන්ද්‍රජාලයේ මුළාවන්සුලු බව ය.

සෑම මනසක ම ඇති මේ ස්නේහකාමීත්වය යම් යම් ජීවිතවල ප්‍රකට වූවත්, අප්‍රකට වුවත්, තෘෂ්ණාවෙන් නිදහස් වන තුරු ම එය කලින් කලට ජීවිතයට විවිධ මට්ටම්වලින් බලපෑම් කරමින් ජීවිතය හා බද්ධ ව පවතී. එබැවින්, සියල්ල දන්නා දක්නා සර්වඥයාණෝ වදාළෝ “තණ්හා දුතියෝ පුරිසෝ “ - ‘පුරුෂයාගේ දෙ වැන්නා තෘෂ්ණාව ය’ යනුවෙනි.