Print this Article


පුණ්‍ය ක්‍රියා

පුණ්‍ය ක්‍රියා

එක් අවස්ථාවක දෙව්රම් වෙහෙරේ දී බුදු හිමියන්ගෙන් බණ ඇසූ පස්දෙනකු අතරින් සාවධාන ව බණ ඇසූ තැනැත්තා මෙන් අප ද මෙම භවයේ දී යහපත් පුරුදු වගාකරගත යුතු ය. එදිනෙදා ජීවිතයේ දී දන්දීමේ පුරුද්දක් ඇතිකර ගැනීම එතරම් අපහසු ක්‍රියාවක් නොවේ. තමන් ආහාර ගත් භාජනය සෝදා පවිත්‍ර කිරීමේ දී ඉඳුල් වතුර ටික පවා සතකුට ආහාරයක් වේවා යන චේතනාවෙන් බැහැර කිරීම බුදු හිමියන් ද අනුදැන වදාළ සිරිතකි. සතියකට වරක් හෝ එක් වේලක් නිරාහාර ව සිට දුගියකුට, යාචකයකුට ආහාර වේලක් ලබාදීම උතුම් ක්‍රියාවක් නොවන්නේ ද? සිය බත්පතින් මිටක් කුරුල්ලන්ට ආහාර පිණිස උඩකින් තැබීම බොහෝ දෙනා නොකඩවා සිදු කරති.

පාරම්පරික ශ්‍රී ලාංකේය ගැමි ජනයා සිය නිවෙසට අවේලාවක වුව ද පැමිණෙන ආගන්තුකයන්ට බත බුලතින් සංග්‍රහ කළේ නැවත කිසිවක් අපේක්ෂාවෙන් නොවේ.

වගා කටයුතුවල නිරත වූ ගොවියා සිය වෙල් යායේ වනරොද අසලට වන්නට කුඩා කොටසක් පක්ෂීන් උදෙසා වෙන් කළ අතර, එය කුරුලු පාලුව යන නමින් හැඳින්විණි. එදා අප මුතුන් මිත්තන් සුරැකි එවැනි සාරධර්ම ජන සමාජයෙන් ගිලිහී යා නොදී ආරක්ෂා කර ගැනීමට බෞද්ධයන් වන අප අධිෂ්ඨාන කරගත යුතු ය.