කැලණිය දුරුතු පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර

කැලණිය දුරුතු පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර පසුගිය 10 වැනිදා රාත්‍රියේ
වීථි සංචාරය කෙරිණි. කැලණිය රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති,
සම්මානිත මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධාන
අනුශාසකත්වයෙන් පෙරහර පවත්වන ලදි.
අවසන් රන්දෝලි මහ පෙරහර පැවැත්වුණු දින විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක
කරඬුවට පැරණි චාරිත්‍රානුකූලව පුද පූජා පැවැත්වීමෙන් අනූතුරුව,
විහාරාධිපති නාහිමියන් විසින් සධාතුක කරඬුව ප්‍රධාන බස්නායක නිලමේ ධම්මික
ආටිගල වෙත භාර කළ අතර, මෙවර කණ්ඩුල හස්ති රාජයාට සධාතුක කරඬුව තැන්පත් කිරීම
විහාරස්ථ දායක සභාවේ සභාපති, රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ
විසින් සිදුකරන ලදි.
මෙවර කැලණි, දුරුතු මහ පෙරහර කොටස් හතරකින් සමන්විත වූ අතර එහි බුද්ධ පෙරහරට
අමතරව දේවාල පෙරහර 4ක් පවත්වන ලදි. ඒ අනුව පළමුව බුදු පෙරහර ද, දෙවනුව විෂ්ණු
දේවාල පෙරහර ද තෙවනුව කතරගම දේවාල පෙරහර ද අවසානයේ විභීෂණ දේවාල පෙරහර ගමන්
කරන ලදි. මහ පෙරහර උඩ මළුවෙන් ආරම්භ වී තුන් බෝධිය වටා පළමුව ගමන් කර, පසුව පහළ
වීදිය වටා ගමන් කර පූජා නගරය, කැලණිය පොලීසිය අසලින් වරාගොඩ පාරට පිවිස වීථි
සංචාරය කර අලුයම විහාරස්ථානයට ළඟාවන ලදි.
ඡායාරූප - සුලෝචන ගමගේ |