Print this Article


අවසරයි

අවසරයි

උතුම් මිනිසත් බවෙන් නියමිත ඵල නෙළාගත් බෝසතාණනි
සියලු සතහට සසර නැති කර නිවන ලැබ දුන් බුදුපියාණෙනි
සිතට සැනසුම ගෙනෙන පිවිතුරු දහම් මඟ දේශනාවෙන් දුනි
බුදුන් දම් සඟරුවන වඳිනට අවසරයි සම්බුදු පියාණෙනි

පස් පවෙන් වැළකෙන්න මිනිසට දහම් මඟ දේශනා කෙරුවා
උතුම් මිනිසත් බව රැකෙන්නට දෙසූ ධර්මය එයම වූවා
මනු සතට සසරින් මිදෙන්නට සමිඳු අප හට දහම් දෙසුවා
දෙවනුව ද සිරිපා වඳින්නට අවසරයි මගෙ මුනිදා භගවා