Print this Article


නමස්කාර වේවා

නමස්කාර වේවා

වම් මුනි දළදා නමදිමි සැමදා
කරඬුව වඩමන ඒතුම් ගජිඳා
නමස්කාර වේවා ශ්‍රී දළදා
නමස්කාර වේවා ශ්‍රී දළදා

සෙංකඩගල පුර සිරිකත කැන්දා
මහනුවරට ගොස් දළදා වැන්දා
ශ්‍රද්ධාවෙන් මා හදවත බන්දා
ගෞතම මුනි වම් දළදා වැන්දා

බෝගම්බර වැවෙ අසිරිය වින්දා
මල්වට්ටිය ගෙන බැති සිත රන්දා
බුදුසමිඳුගෙ වම් දළදා මුනිදා
පුදසුනේ සිරස තබා මම වැන්දා