Print this Article


වඳිමු බුදු හිමි

සම්බුදු හිමි වැඳ
දීලා ගාථා නද
ශ්‍රද්ධාවෙන් ඉඳ
නමදිමි හිමි සඳ

බුදු සමිඳුන් තෙද
සුවඳ මලින් පුද
මරු හා කර යුද
බුදු වූ හිමි සඳ

දෙවි මිනිසුන් මැද
දිලෙනව හිමි සඳ
දහම දෙසන ලද
ගෞතම හිමි සඳ