|
දුසිල්බවේ දොස්
දුසිල්වත් පුද්ගලයා ප්‍රමාදය නිසා තමන් සතු ධන ධාන්‍ය, භෝග සම්පත් විනාශ කර ගනී.
එනම් වස්තු විනාශයට පැමිණේ. නුවණැති පුද්ගලයන්ගේ ගැරහුමට, දෝෂ දර්ශනයට ලක්වේ.
අපකීර්තියට පැමිණේ. සබා මැදට, එසේත් නැතිනම් යම් පිරිසක් වෙත තෙද නැතිව පැමිණේ.
සිහි මුළා ව මරණයට පත්වේ. මිය ගිය කල්හි සැප නැති, දුක් ඇති නිරයට පැමිණේ. |