මතවාදයන්හි පැටලී අකුසල රැස් කිරීම
බිබිලේ ධම්මසිරි හිමි
මස් මාංස අනුභව කිරීමේදීත්, දානයක් ලෙස පූජා කිරීමේදීත් ඇතැම් බෞද්ධ ශ්‍රාවකයෝ
වැරැදි දෘෂ්ටිවල බැසගෙන සිටිති. අද බොහෝ දෙනකු ප්‍රශ්නයක් කරගෙන සිටින මෙම මාතෘකාව
පිළිබඳ සරල ව, ධර්මානුකූල ව විමසා බැලීමක් මෙම ලිපියෙන් සිදු කෙරේ.
මස්, මාංස ආහාරයට ගැනීමෙන් ප්‍රාණඝාත අකුසල කර්මයක් සිදුවේ ද යන්න බෞද්ධ ජනතාව තුළ
සැකයක් මතු වී ඇත. තවද නිර්මාංසවීම නිසා විශේෂිත වූ සිල්වත් බවක් තමා තුළ ගොඩනැඟෙන
බවට විශ්වාසයක් බොහෝ දෙනා තුළ පැලපදියම් වී ඇත. බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ මස්
මාංස අනුභව කළා ද යන්න ඔවුන් තුළ සැක මතු වී ඇත. කෙසේ වෙතත් මස් මාංස අනුභව කිරීම
නුසුදුසු යැයි බොහෝ දෙනා තුළ සංකල්ප ගොඩනැඟී ඇත්තේ සත්‍ය පදනම් කරගෙන නොවේ.
බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විවිධ සූත්‍ර දේශනා පරිශීලනය කිරීමේ දී මෙම
ගැටලුවට නිවැරැදි පිළිතුරක් සොයා ගත හැකි ය. අංගුත්තර නිකායේ එන මනාපදායී සූත්‍රය,
මජ්ක්‍ධිම නිකායේ ජීවන සූත්‍රය, සුත්තනිපාතයේ ආම ගන්ධ සූත්‍රය, සීහ සේනාපති
සූත්‍රය, මහා පරිනිබ්බාන සූත්‍රයේ එන චුන්දකර්මාර පුත්තගේ සුකර මද්දව දානය, ඒතදග්න
සූත්‍රයේ එන සුප්පියා දේවියගේ දානය, උන්න ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා
සංඝරත්නයට පූජා කළ ඌරුමස් සහිත දානය, මහා වග්ග පාලියේ (පිටු 556 - 560) එන මස් වර්ග
10 ක් භික්ෂූන් වහන්සේට අකැප බවට විනය නීතියක් පැනවීම, ත්‍රිකෝටික පාරිශුද්ධි මාංස
පමණක් වැළඳීමට භික්ෂූන් වහන්සේට නියම කිරීම ආදියෙන් කියැවෙන්නේ මස් මාංස පූජා
කිරීමත්, අනුභව කිරීමත් අකුසලයක් නොවන බවයි.
දිනක් සුප්පියා දේවිය සිය කලවයෙන් කොටස් කපා සේවිකාවන් ලවා ප්‍රණීත ලෙස පිසවා
භික්ෂූන් වහන්සේ නමකට පූජා කළා ය. බුදුපියාණන් වහන්සේ ජීව කාලයේ සිදුවූ මේ පුවත
එතදස්ස සූත්‍රයේ සඳහන් වේ.
ගෞතම බුදුපියාණන් වහන්සේට චුන්ද කර්මාර පුත්‍රයා විසින් සකස් කර දුන් දානය ඌරු මස්
නොව හතු වර්ගයක් යැයි සඳහන් කිරීමට උග්‍ර මතවාදීහු පෙළඹී සිටිති. අටුවාචාරින්
වහන්සේ සඳහන් කරන්නේ ළා බාල නොවූ, වැඩි වයස්ගත නොවූ ඌරකුගේ මස් පිස පූජා කළ බවයි.
“අනුජානාමි භික්ඛවේ
ත්‍රිකෝටිපාරිශුද්ධං මච්ච
මාංශන් අදිට්ඨං අශුඨං
අපරිසද්ධීන් කිතන්තී”
මහාවග්ග පාලියේ එසේ සඳහන් වේ. තමන් වෙනුවෙන් මරණය දැක්කේ නැති, ඇසුවේ නැති, සැකයක්
නැති, මස් ආහාරයට ගැනීමෙන් අකුසලයක් සිදු නොවෙන බව පැවැසේ.
මම උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැත. මම හතර පෝයටම සිල් සමාදන් වෙනවා. මස් කන එක මහා
පාපයක්. බුද්ධ පූජාවට මස් තැබීම පාපයක්.
කියමින් තම මාන්නය හුවා දක්වන බොහෝ බෞද්ධයෝ සිටිති. ඔවුන් කටින් අකුසල කරමින්
වැරැදි දෘෂ්ටිවල බැසගෙන සිටින බවක් පෙනේ.
සුනාථ ධාරේථ චරාථ ධම්මේ, මෙම බුදුවදනට අනුව දහම ශ්‍රවණය කළ යුතු ය. එවිට සුතමය ඥානය
ඉපදීම සිදුවන අතර, චින්තාමය ඥානය වැඩිදියුණු වේ. ඒ තුළින් සතිමත් වන බෞද්ධ
ශ්‍රාවකයා භාවනාමය ඥානය දියුණු කොට ඇත්ත ඇති සැටියෙන් ලෝකය අත්දකී.
අද බොහෝ බෞද්ධ ශ්‍රාවකයෝ විවිධ මතවාදවලට පැටලී සිටිති. තම මතය පිරිසුදු කර ගැනීම
සඳහා දහම සමඟ සැසඳීමක් නොකරති. කිසියම් අයකු ප්‍රකාශ කළ දෙයක් වග විභාගයකින් තොරව
පිළිගැනීම නිසා එම වැරැදි මතය තමා තුළ තහවුරු කර ගනිති. ඇබ්බැහිය ඉවත් කිරීමට ඔහුට
කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර අත්‍යවශ්‍ය වේ. එසේ වුවහොත් ඔහු නිවැරැදි මාර්ගයේ ගමන්
කරනු නියත ය. එහෙත් බොහෝ දෙනකු අවිරුද්ධ ප්‍රතිපදාවට ගරු නොකරති. ඔහු තම මතයේ ම
එල්බ ගෙන සිටී.
විවිධ සූත්‍ර පරිශීලනය කොට වැරැදි නිවැරැදි කර ගැනීමට සෑම බෞද්ධ ශ්‍රාවක
ශ්‍රාවිකාවක ම උත්සුක විය යුතු යැයි හැඟේ. ශ්‍රද්ධා බුද්ධියෙන් දෙන දානය මහත්පල
මහානිසංස වන බව බුද්ධ දේශනාව පෙන්වා දෙන්නේ ය.
තමන් මස් මාංස අනුභව නොකරන්නේ නම් ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන කටමැත නොදොඩා සිටීම
තුළ කුසලයක් රැස්වේ. තමන් උසස් කොට අනුන් පහත් කොට සැලැකීමේ සිතක් තමන් තුළ
ඉපදුණහොත් දැඩි අකුසලයක් ජනිත වේ. මස් මාංස කන අය දකින විටත්, බුද්ධ පූජාව සඳහා මස්
මාංශ තබන විටත් තමන් තුළ අනුන් කෙරෙහි අකැමැත්තක් ස්වල්ප වශයෙන් හෝ ඇතිවුණි නම්, එය
ද්වේශ සහගත අකුසලයකි. තමන් එළවළු පමණක් ආහාරයට ගන්නා සිල්වත් අයකු ලෙස හැඟීමක් ජනිත
වීම තුළ මාන්නය නමැති අකුසලය ජනිත වීමට පුළුවන. එම නිසා හැම විටම ඔබ සතිමත් විය
යුතු ය. අනුන් පිළිකුල් නොකොට, අනුන්ට ගර්හා නොකොට සිටීමට ඔබට ප්‍රඥාව අවශ්‍ය වේ.
ඒ සඳහා ත්‍රිපිටකය පරිශීලනය කර බලන්න. කල්‍යාණ මිත්‍රයකුගේ ධර්ම දේශනාවකට ඇහුම්කන්
දෙන්න. ධර්මය ගැන ගැටලු සාකච්ඡා කොට ඔබේ වැරැදි දෘෂ්ටිය නිවැරැදි කර ගන්න. |