Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මානගල මහා විහාරය, හිරිපිටිය සදහම් නිකේතන ⁣බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන්හි විහාරාධිපති ශ්‍රී ලංකා චීන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පරණගම ඥානවිමල හිමිගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චීවන්හොං මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මහනුවර අකුරණ දීගල මානාගල මහා විහාරස්ථානයේ ශ්‍රී ලංකා-චීන බෞද්ධ සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීම සහ ශ්‍රී ශාඛ්‍යසිංහ ගෞතම සම්බුද්ධ සමාධි ප්‍රතිමා වහන්සේ සහ මෛත්‍රී බෝසත් පිළිම වහන්සේ ඉදිකිරීමේ කටයුතු පසුගිය (22) දා ආරම්භ විය. එම අවස්ථාවට සහභාගී වූ මහා සංඝරත්නය ඇතුළු පිරිස ඡායාරූපයන්හි වේ.
මධ්‍යම පළාත් සමූහ - නිහාල් ජයවර්ධන

අඹගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩල ප්‍රදේශයේ දහම් පාසල් ගුරු සිසු ප්‍රතිභා
සහතික ප්‍රදානෝත්සවය පසුගියදා අඹගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
- ගිනිගත්හේන විශේෂ