Print this Article


පිහිට පතයි

පිහිට පතයි

745, ගාලුපාර, කල්දමුල්ල, මොරටුව යන ලිපිනයේ පදිංචි එම්.පී.කේ.පී. වෛද්‍යතිලක යන අයගේ වකුගඩු දෙකම නරක් වී ඇති බව කියයි. වකුගඩුවක් බද්ධ කිරීමක් කළ යුතු බව කියයි. ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් 0768138472-0713072174 දුරකතන අංකයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

****

55/ඒ, අඟුරුවාතොට පාර යාලගල, හල්තොට යන ලිපිනයෙහි පදිංචි එල්. නුවන් කුමාර මහතාට කොළඹ ජාතික රෝහලෙන් එම්.ආර්.අයි. පරීක්ෂණයක් කිරීම සඳහා නියම කර ඇති බවක් පවසයි. ඔහු ඉතා අසාධ්‍ය රෝගයකින් පෙළෙන බවත් එම පරීක්ෂණය කිරීමට ඔහුට මුදල් අපහසුවක් ඇති බවත් කියයි. ඒ සඳහා පරිත්‍යාගශීලියෙක් වේ නම් 0775219170 දුරකතන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

****

අඟුණුකොළ ප්‍රදේශයේ පදිංචි රෝගි අයකු සඳහා ඇඳක් අවශ්‍ය බව පවසයි. අවුරුදු 8ක් පුරාම ඔහුගේ ශරීරයේ කොටසක් පණ නැතිව සිටින බවත් ඉතා දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන බවත් පවසයි. විමසීම් 071 7101481

****

කොට්ටාව, මාකුඹුර, මායා මාවත, අංක 361/1 හි පදිංචි සරත් ආනන්ද (62) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඕ පොසිටිව් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ද කියයි. පරිත්‍යාගශීලියෙක් වේ නම් 0743189265 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.