Print this Article


පෝදා පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 -10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනාව, 11.00 -11.30 තෙරුවන් වන්දනාව, උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි,

පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00, ධර්ම දේශනය ගල්ලෑල්ල පඤ්ඤාසාර හිමි, 200 - 2.30 ධර්ම සාකච්ඡාව තිස්සමහාරාමයේ නන්දවිමල හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය, තෙප්පාකන්දේ ඤාණනන්ද හිමි, රාතී‍්‍ර 7.00 අටවිසි බුද්ධ පූජාව.

****

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 06.00 -7.00 සීල සමාදානය සහ උදෑසන බුද්ධපූජාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 08.00 - 9.00 භාවනා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි. 09.00 - 10.00 ධර්මදේශනාව කැලණියේ ශාසනවංශ හිමි, 10.00 -11.00 ධම්මපදයෙන් බිඳක් කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධපූජාව ඇතිමලේ සීලානන්ද හිමි,

පස්වරු 12.15 - 2.00 සීල භාවනා සමිතිය 02.00 - 03.00 වෛද්‍ය විද්‍යා දේශනය, විශේෂඥ වෛද්‍ය චන්ද්‍රානි ජයසූරිය මහත්මිය, 03.00 - 4.00 ධර්මදේශනාව ශාස්ත්‍රපති හූරිගස්වැව රතනපාල හිමි, 04.00 - 5.00 ධර්ම දේශනාව දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 05.00 - 06.00 භාවනා, කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00 -7.00 ගිලන්පස බුද්ධපූජාව ගෝමරන්කඩවල හේමරතන හිමි, 07.00 - 8.00 ධර්ම දේශනාව ලුණුගම්වෙහෙර නාරද හිමි.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

පෙ.ව. 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනා රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පුස්සැල්ලාවේ චන්දිම හිමි, 10.00 - 11.00 දහම් දෙසුම ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය වේරදුවේ මහින්ද හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව පිනවල පඤ්ඤාලෝක හිමි සහ හුණුගල්ලෑවේ ශාසනධීර හිමි, ප.ව. 12.15 - 12.20 පුණ්‍යානුමෝදනාව 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ දියසෙන්පුරේ විමලසීහ හිමි, ගල්ළිඳකන්දේ පඤ්ඤාධීර හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 2.00 - 3.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 3.00 - 3.45 ධර්ම දේශනය කොබෙයිගනේ ධම්මදස්සි හිමි, ප.ව. 4.00 - 5.00 ධර්ම දේශනාව වජිරාරාමවාසී රාජාංගණේ සීලවිමල හිමි, 5.00 - 6.00 ධම්මපදය විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 6.00 - 6.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

දෙහිවල ගල්විහාරය

පෙරවරු 6.15ට කිරිපිඬු පූජා පෙරහර, අටසිල් දීම හා බුද්ධ වන්දනාව නව පොලොන්නරු ගල්විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද නාහිමි, 8.30 ධර්ම දේශනය මඩුගස්තලාවේ නන්ද හිමි, 9.45 සක්මන් භාවනාව මෙහෙයවීම හා දහවල සම්බුද්ධ පූජාව මිද්දෙනියේ සුමංගල හිමි, පස්වරු 12.30 පිරිත් සූත්‍ර දේශනාව වැල්ලවායේ සුමනරතන හිමි, 1.15 ධර්ම දේශනා - ඇත්බටුවාවේ ධම්මසිරි හිමි, 2.30 ගාල්ලේ රතනාලංකාර හිමි, 4.00 යටගල පඤ්ඤාසාර නා හිමි