Print this Article


මරණය සහ පිරිනිවන

මරණය සහ පිරිනිවන

කර්තෘ - කුකුරම්පොළ නාරද හිමි

මරණය වනාහි සත්ත්වයා මුහුණ දෙන භයානක ම අත්දැකීම යි. ඊට වඩා දුකක් හෝ බියක් සත්ත්වයාට නොමැත. නිවන යනු බොදු දහම තුළ ඉගැන්වෙන පරම නිෂ්ඨාව යි. උත්තරීතර සුවය යි. ඊට එහා සැපක් හෝ තෘප්තියක් නොමැති බව බොදු අදහස යි. එකී නිර්වාණයට පරිපූර්ණ ලෙස පත්වීම “පරිනිබ්බාණ” යන්නෙහි සාමාන්‍ය තේරුමයි. මරණය හා පරිනිර්වාණයෙහි වෙනස ඉස්මතු කරදීම සඳහා මෙම කෘතියට ත්‍රිපිටකය තුළින් බොහෝ දේශනා පාඨ උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කර ඇත.