
ලොව සුපතළ
මහ පින් කෙත
ද්‍රෝනයක් ධාතු ගෝතම
බුදු සමිඳුගේ නිදන් කළ ඒ
රන්වැලි සෑ සමිඳු උතුම්
බොදු දන හද සිළුමිණ වේ
දිවා රැයේ දෙව් බඹ නර
සෙන් සැදැහෙන් නිති පුදනා
ලොව සුපතළ මහ පින්කෙත
ඔබ වේ සමිඳුනි සිරිලක
සමන්පිච්ච මල් නෙළලා
සුදු පිරුවට ඇඳ පේවී
තිලොවග හිමි ගුණ සමරා
හද ගඳකිළියක් කරවා
හිමි නමදිමි දිවා රැයේ
නිල් අහසේ සුදට සුදේ
ඉඳුඛිල සේ වැඩ සිටිනා
පැදකුණු කර මහ සෑ රජ
පාදම මත නළල තබා
අදිටන් කරගෙන නොපමා
එතෙර වන්න සසර දුකින්
පින් කළ මැන පින්වතුනේ
ආචාර්ය රත්නපාල වික්රමසිංහ |