බෙරන්නාවේ විමල නා හිමි

බෙරන්නාවේ විමල නා හිමි

පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරය සහ ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති, උඩුමුල්ල ශ්‍රී විමලජෝති පිරිවෙනෙහි හිටපු නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රවේදී බෙරන්නාවේ විමල නා හිමිපාණන් වහන්සේ වෙත කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් පිරිනමන ශාසනකීර්ති ශී‍්‍ර විනයාචාර්ය යන ගෞරව නාම සහිතව කොළඹ මහා දිසාවේ සීතාවක පුර ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත.

ඒ පිළිබඳ සන්නස් පත්‍රය පිරිනැමීම මෙම මස 08 වැනිදා කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ රාජ මහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී සිදු කරනු ලබයි.

අභිනව නාහිමිපාණන් වහන්සේ පිළිගැනීමේ උත්සවය මෙම 08 වනදා සවස ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාම විහාරස්ථානයේ සහ පසුදින (09) පස්වරුවේ පාදුක්ක මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානයේ දී සිදු කරනු ලැබේ.

ඉල් අව අටවක

නොවැම්බර් 11 අඟහරුවාදා
අ.භා 11.16 අව අටවක ලබා
12 බදාදා අ.භා 11.05න් ගෙවේ.
12 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]