|
මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ
126 වැනි ගුණසමරුව නිමිත්තෙනි:
බොදු ජන මන
පුබුදු කළ
මහානීය නැණවතා
ගුණපාල මලලසේකර
ඉගෙනීමේ හැකියා පෙන්වූ භික්ෂූන් වහන්සේට ඉංග්‍රීසි, ටිබෙට් ආදි පෙර අපර දෙදිග භාෂා
පෞද්ගලිකවම උගන්වා ඇත. මෙයින් එතුමා අපේක්ෂා කර ඇත්තේ බුදු දහමේ උන්නතිය යි. එතුමන්
භික්ෂූන් වහන්සේට බොහෝ සෙයින් උපකාර කර ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේ ආරක්ෂා කිරීමෙන්
බුදු දහමේ උන්නතිය සිදු වන බව එතුමන් අවබෝධ කරගෙන සිටින්නට ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා සුවිසල් මෙහෙවරක් සිදු කළ නැණවතකු
ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකරයන් හැඳීන්විය හැකි ය. එතුමා 1899 නොවැම්බර් 09 වැනි
දින පානදුර මාලමුල්ලේ දී උපත ලබා ඇති අතර මෙරට බෞද්ධාගමේ සුරක්ෂිත බව උදෙසා වටිනා
සේවාවක් සිදු කර ඇත. එතුමාගේ දූරදර්ශී චින්තනය ශ්‍රී ලංකාවේ සියලු ජනවර්ගයේ ම
උන්නතියට බලපා තිබේ.
ශ්‍රී ලංකාව විදේශ ආධිපත්‍යයට නතුවීමෙන් පසුකාලීන ව බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්නට
විය. ඒ ඔස්සේ බෞද්ධාගමට විවිධ අභියෝග එල්ල විය. අනාගාරික ධර්මපාල තුමා වැනි විරුවන්
බෞද්ධාගම ආරක්ෂා කිරීමට එකල බොහෝ සෙයින් උත්සාහ දැරූහ. එම ආභාෂයෙන් පසුකාලීන ව
බෞද්ධාගම මෙරට සුරක්ෂිත කිරීමට ගුණපාල මලලසේකරයන් තම දායකත්වය ලබා දී ඇත.
මලලසේකරයන් කුඩා අවදියේ පටන් බෞද්ධ ආභාෂය ඔස්සේ තම කුඩා කාලය ගත කොට තිබේ. එය
පසුකාලීන ව එතුමාගේ සුවිශේෂි චින්තනය සැකසීමට බලපාන්නට ඇත. එතුමන් වරක් ධර්ම ධ්වජය
කර්තෘ වාක්‍යයෙන් මෙසේ ප්‍රකාශ කර ඇත. “සහෝදර සිංහල බෞද්ධයෙනි, සම්මෝහ නිද්‍රාවෙන්
පිබිද ක්‍රියාවෙහි යෙදීමට දැන් කාලය පැමිණ ඇත. පුබුදුවා ගත යුතු ය. අදත් අපේ බෞද්ධ
ළමෝ 17000ක් මිශනාරි පාසල්වලට යති. අපේ මේ දරුවන් බේරා ගැනීමට වහාම ක්‍රියාත්මක විය
යුතු ය...බෞද්ධයනි ප්‍රබෝධවව්! උත්සාහ කරව්!! පුරුෂ පරාක්‍රමය දක්වවු!!! මුළු ලෝකයේ
ම ධර්ම ධ්වජය ඔසවව්.”
මලලසේකරයන් බෞද්ධාගමට මහත් ආදර ගෞරවයක් දැක්වූ නායකයෙක් බව මෙම ප්‍රකාශයෙන් මනාව
පැහැදිලි වේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආරම්භයේ සිට සාමාජිකත්වය දැරු මලලසේකර මහතා 1939
දෙසැම්බර් මස 25 වැනි දින සිට 1957 දෙසැම්බර් 25 තෙක් එහි සභාපතිත්වය දරමින්
සුවිසල් සේවාවක් බුදු දහමේ උන්නතියට සිදු කර ඇත. එතුමාගේ සහභාගීත්වයෙන් බෞද්ධ මහා
සම්මේලන සභා වාරයේ දී බෞද්ධ තොරතුරු පරික්ෂක කමිටුවක් ද පත් කරමින් සුවිසල් සේවාවක්
සිදු කර ඇත. මලලසේකරයන්ගේ සේවාව බෞද්ධයන්ට පමණක් සීමා නොවුණු අතර, සමස්ත ජාතියට ම
පොදු විය. ගුණපාල මලලසේකරයන් 1950 දී ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කොට ලෝකයේ බෞද්ධ
රටවල් සමඟ සුහදතාව වර්ධනය කෙරිණි.
මහනුවර දළදා මාළිගාවෙන් ඇරඹුණු සම්මේලන වාර විවිධ රටවල්වල ව්‍යාප්ත
විය.මලලසේකරයන්ගේ ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමෙන් ශ්‍රී ලංකාව සමස්ත
ලොක්වාසි බෞද්ධයන්ගේ ගෞරවාදරයට පත් විය. ගුණපාල මලලසේකරයන්ට ආදර්ශවත්
තරුණ පරපුරක් බිහි කිරීමට අවශ්‍ය විය. ඒ සදහා දේශනාදිය ද එතුමන් විසින් හැකි
අවස්ථාවල පැවැත්විය. මලලසේකරයන්ගේ ආශිර්වාදයෙන් 1972 වසරේ මැයි මස 26 වැනි දින
බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී ලෝක බෞද්ධ තරුණ සම්මේලනය බිහි වී ඇත. එහි
නායකත්වය පත් වී ඇත්තේ සිංහල බෞද්ධ තරුණයෙකි. මලලසේකරයන්ගේ මඟ පෙන්වීමෙන් සිදු වූ
සියලු දේ තුළින් බුදු දහමේ උන්නතිය සිදු විය. ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයාගේ අයිතීන්
සුරක්ෂිත විය.
මලලසේකරයන් ධර්ම ප්‍රචාරයට සුදුසු භික්ෂූන් වහන්සේ පුහුණු කිරීමට ද පියවර ගත්තේ ය.
එතුමන් මුල් වී 1941 වර්ෂයේ දී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යා විශාරද පන්තිය ආරම්භ
කර එහි අධ්‍යයනය කිරීමට භික්ෂූන් වහන්සේට අවස්ථාව සැලසිණි. එහි දී උන්වහන්සේට
තුලනාත්මක ආගම්, මහායාන බෞද්ධ සාහිත්‍ය, මානව විද්‍යාව, ඉතිහාසය, ප්‍රාකෘත භාෂා
සාහිත්‍ය, ද්‍රවිඩ හා ඉංග්‍රීසි ආදිය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබී ඇත. මේ හරහා ධර්ම
ප්‍රචාරයට විද්වත් ස්වාමින් වහන්සේ සමාජයට බිහි විය.
එසේ ම ඉගෙනීමේ හැකියා පෙන්වූ භික්ෂූන් වහන්සේට ඉංග්‍රීසි, ටිබෙට් ආදි පෙර අපර දෙදිග
භාෂා පෞද්ගලිකව ම උගන්වා ඇත. මෙයින් එතුමා අපේක්ෂා කර ඇත්තේ බුදු දහමේ උන්නතිය යි.
එතුමන් භික්ෂූන් වහන්සේට බොහෝ සෙයින් උපකාර කර ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේ ආරක්ෂා
කිරීමෙන් බුදු දහමේ උන්නතිය සිදු වන බව එතුමන් අවබෝධ කරගෙන සිටින්නට ඇත. සමස්ත ලංකා
බෞද්ධ මහා සම්මේලනයෙන් ආරම්භ කළ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනේ පරිවේණාචාර්ය
භික්ෂු පුහුණු ආයතනයේ උන්නතිය ද එතුමන්ගේ දායකත්වයෙන් සිදු විය. එය ද ශ්‍රී ලංකාවේ
ධර්මධර භික්ෂූන් නිර්මාණය වීමට බලපා තිබේ. එසේ ම එතුමාගේ සංස්කාරකත්වයෙන් ත්‍රිපිටක
පරිවර්තනය ද ආරම්භ කෙරිණි. ඒ සඳහා එතුමන්ගේ පූර්ණ දායකත්වය ලබා දී තිබෙන බව හෙළි
වෙයි.
ගුණපාල මලලසේකරයන් 1963 දී ලන්ඩනයේ තානාපති ධුරයට පත් විය. එතුමා බෞද්ධ සංස්කෘතියට
මහත් ගෞරවාදරයක් දැක්වූ නායකයෙකි. මලලසේකරයන්ට බුදු දහම පිළිබඳ සුවිශේෂි චින්තනයක්
පැවතිණි. එතුමන් ‘බෞද්ධ සමාජවාදය’ නමැති ලිපියේ පෙන්වා දී ඇත්තේ අවශ්‍ය වන්නේ බෞද්ධ
සමාජවාදය බව යි. බුදු දහමේ හරය ප්‍රායෝගික ව සමාජගත කිරීමට මලලසේකරයන්ට අවශ්‍ය වී
තිබුණි.
බුදු දහමේ හා බෞද්ධ ජන සමාජයෙහි උන්නතිය උදෙසා සුවිසල් යුග මෙහෙවරක් සිදු කළ
මහාචාර්ය ගුණපාල මලලසේකරයන් 1973 වර්ෂයෙහි අප්‍රේල් මස 23 වැනි දින අභාවප්‍රාප්ත
විය. එතුමා මෙරට පහළ වූ සුවිශේෂි ම බෞද්ධ ජන නායකයකු ලෙස සැලකිය හැකි ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ,
හිටපු කථිකාචාර්ය,
ආචාර්ය තුසිත රාජපක්ෂ |