ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් අව අටවක පෝ දා 2025 නොවැම්බර් 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඉගෙනීමේ හැකියා පෙන්වූ භික්ෂූන් වහන්සේට ඉංග්‍රීසි, ටිබෙට් ආදි පෙර අපර දෙදිග භාෂා පෞද්ගලිකවම උගන්වා ඇත. මෙයින් එතුමා අපේක්ෂා කර ඇත්තේ බුදු දහමේ උන්නතිය යි. එතුමන් භික්ෂූන් වහන්සේට බොහෝ සෙයින් උපකාර කර ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේ ආරක්ෂා කිරීමෙන් බුදු දහමේ උන්නතිය සිදු වන බව එතුමන් අවබෝධ කරගෙන සිටින්නට ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා සුවිසල් මෙහෙවරක් සිදු කළ නැණවතකු ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකරයන් හැඳීන්විය හැකි ය. එතුමා 1899 නොවැම්බර් 09 වැනි දින පානදුර මාලමුල්ලේ දී උපත ලබා ඇති අතර මෙරට බෞද්ධාගමේ සුරක්ෂිත බව උදෙසා වටිනා සේවාවක් සිදු කර ඇත. එතුමාගේ දූරදර්ශී චින්තනය ශ්‍රී ලංකාවේ සියලු ජනවර්ගයේ ම උන්නතියට බලපා තිබේ. ශ්‍රී ලංකාව විදේශ ආධිපත්‍යයට නතුවීමෙන් පසුකාලීන ව බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්නට විය. ඒ ඔස්සේ බෞද්ධාගමට විවිධ අභියෝග එල්ල විය. අනාගාරික ධර්මපාල තුමා වැනි විරුවන් බෞද්ධාගම ආරක්ෂා කිරීමට එකල බොහෝ සෙයින් උත්සාහ දැරූහ. එම ආභාෂයෙන් පසුකාලීන ව බෞද්ධාගම මෙරට සුරක්ෂිත කිරීමට ගුණපාල මලලසේකරයන් තම දායකත්වය ලබා දී ඇත. මලලසේකරයන් කුඩා අවදියේ පටන් බෞද්ධ ආභාෂය ඔස්සේ තම කුඩා කාලය ගත කොට තිබේ. එය පසුකාලීන ව එතුමාගේ සුවිශේෂි චින්තනය සැකසීමට බලපාන්නට ඇත. එතුමන් වරක් ධර්ම ධ්වජය කර්තෘ වාක්‍යයෙන් මෙසේ ප්‍රකාශ කර ඇත. “සහෝදර සිංහල බෞද්ධයෙනි, සම්මෝහ නිද්‍රාවෙන් පිබිද ක්‍රියාවෙහි යෙදීමට දැන් කාලය පැමිණ ඇත. පුබුදුවා ගත යුතු ය. අදත් අපේ බෞද්ධ ළමෝ 17000ක් මිශනාරි පාසල්වලට යති. අපේ මේ දරුවන් බේරා ගැනීමට වහාම ක්‍රියාත්මක විය යුතු ය...බෞද්ධයනි ප්‍රබෝධවව්! උත්සාහ කරව්!! පුරුෂ පරාක්‍රමය දක්වවු!!! මුළු ලෝකයේ ම ධර්ම ධ්වජය ඔසවව්.” මලලසේකරයන් බෞද්ධාගමට මහත් ආදර ගෞරවයක් දැක්වූ නායකයෙක් බව මෙම ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ.
නොවැම්බර් 11 අඟහරුවාදා අ.භා 11.16 අව අටවක ලබා 12 බදාදා අ.භා 11.05න් ගෙවේ. 12 බදාදා සිල්
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
පසළොස්වක
දෙසැම්බර් 04
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]