වඩිනු මැනවි බුදු සමිඳුනි!
කෙලෙස් මලින් මිලින වූ සිත්
මෙත් දිය දහරින් සේදූ
අවිදු අඳුරු පට බිඳ දා
ලෝ සත නෙත් සිත් පෑදූ
අමා නිවන සොයා යන්න
කරුණාවෙන් මඟ පෑදූ
තිලෝතිලක සම්බුදු හිමි
වඳිමි දොහොත් බැඳ සාධු
කලියුග කාලය ඇවිදින්
ගුණයහපත්කම් මැකිලා
මව්පිය ගුරුවර සෙනෙහස
සොහොයුරු පේ‍්‍රමය බිඳිලා
කළගුණ නොමදත් ලෝකේ
මිසදිටු බව ඇත වැඩිලා
වඩිනු මැනවි බුදු සමිදුනි
පතනෙමි පා යුග වැඳලා
කුමාරි අත්තනායක |