Print this Article


සිල් ගුණ දම් නිති සුරකිමු

සිල් ගුණ දම් නිති සුරකිමු

සුදෝ සුදු වතින් සැරසී
පෙහෙවස් රැක්කද බැතියෙන
බවුන් වැඩිය මුත් සදැහෙන්
බුදු ගුණ හද තුළ නැති නම්
සිල්වත් වන්නේ කෙලෙසද
මගෙ සම්බුදු පියාණනේ

බුදු හිමි දම් මඟ හැර
හද ගඳ කිළි නොකළොත් සැම
සිල් ගුණ දම් රැකගන්නට
බැරිය වරම් අහිමි වේ ය ඔබ හට
සසර තවත් දික්ගැසේය
පාපයටම නැඹුරු වේ ය

බුදු මඟ යන බුදු සව්වෙක්
සුවඳ හමන මලක් වැනිය
නිවන් මඟට පිළිපන්නෙකි
සක්දෙවිඳුන් නිති නමදින
සියලු කෙලෙස් සිඳ දමනෙකි
සිල් ගුණ දම් පුරනා