නාගහවරාය
පුරාණ සාංඝිකාරාම විහාරය
මොරටුව, හොරේතුඩුව, නාගහවරාය පුරාණ සාංඝිකාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින පූජෝත්සවය
නිමිත්තෙන් විහාරාධිපති උඩුගම විමලකිත්ති නාහිමියන්ගේ සහ විහාරාධිකාරි ලේල්වල
විමලධම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් මස 27 වැනි දින සිට දිනපතා අටවිසි
බුද්ධපූජා පින්කම් ද, 28 වන දින සිට මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, මහාචාර්ය
මැදගම්පිටියේ විජිතධම්ම හිමි ඇතුළු දිවයිනේ චිර ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ
වැඩමවා පවත්වන ධර්ම දේශනාවන් ද, ඔක්තෝබර් 11 වැනි දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම
දේශනාව ද පවත්වා ඔක්තෝබර් 12 වන දින කඨින මහා පින්කම සිදු කිරීමට කටයුතු සංවිධානය
කොට ඇත. |