උපසම්පදා ලබති
යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරාධිපති තල්පොත ධම්මතිස්ස හිමියන්ගේ ශිෂ්‍ය
ස්වාමීන් වහන්සේ දෙනමක් වන පලුගොල්ලාගම චන්දතිස්ස පොඩි හාමුදුරුවෝ සහ මිනුවන්ගොඩ
කාශ්‍යපතිස්ස පොඩි හාමුදුරුවෝ පසුගිය දා මල්වතු මහාවිහාර උපෝසථාගාරයේ දී අධිශීල
සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිට වූ අතර, උන්වහන්සේ පිළිගැනීමේ උත්සවය පසුගිය දා
පීල්ලවත්ත ශ්‍රී සෝමාවතී විහාරයේ දී පැවැත්විණි. |