උග්ගොඩ ධම්මින්ද හිමියෝ
අධිකරණ සංඝ නායක ධුරයෙන්
පිදුම් ලබති
පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති
උග්ගොඩ ධම්මින්ද හිමියෝ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති ,මහා විහාර වංශික
ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවීය අතිගරු මහා නායක මා හිමිපාණන් වහන්සේ
ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව විසින් බස්නාහිර පළාතේ කොළඹ සහිත සල්පිටි කෝරලයේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක ධුරයට පත්කර ඇත. ඒ පිළිබඳ සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය
පසුගිය දා ඓතිහාසික මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී පැවැත්විණි. |