[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

යටියන්තොට බොස්සැල්ලේ ධම්මාවාස හිමියන්ගේ ජන්ම දින පින්කම

රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු ආයතනාධිපතිවරයකු වන යටියන්තොට නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති බොස්සැල්ලේ ධම්මාවාස හිමියන්ගේ 86වැනි ජන්ම දිනය නිමිත්තෙන් මේ මස 21 වැනි දින එම විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. දැනට තුන්කෝරලයේ වයෝවෘද්ධ ම තෙර නමක් වන උන්වහන්සේ ග්‍රාමීය ප්‍රදේශවල භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම උදෙසා රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය, සීතාවකට ගෙන ඒමේ කටයුත්තේ පුරෝගාමියකු විය. ධම්මාවාස හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වන කෝරල තුන හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්ම කීර්ති කොටගම වාචිස්සර හිමියන්, පරුස්සැල්ල සුනන්දාරාම විහාරාධිපති ගරාගොඩ විජිත ධම්ම හිමියන් හා පොළොන්නරුවේ සමිත හිමියන් ඇතුළු දායකකාරකාදීන් විසින් 21 වැනි දින නන්දාරාම විහාර පරිශ්‍රයේ දී ආශිර්වාද බෝධි පූජාවක් ද, මහා පිරිත් දේශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. අනතුරුව විසි එක්වන දින දහවල් මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක හිමියන්, අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය සියක් නමකට සඟ සතු දානමය පින්කමක් ද පැවැත්වීමට නියමිත ය.


ඇසළ පුර අටවක

ජුලි 02 බදාදා අ.භා 12.03 පුර අටවක ලබා 03 බ්‍රහස්පතින්දා අ.භා. 02.10න් ගෙවේ.
02 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 02  

Full Moonපසළොස්වක

ජුලි 10

Second Quarterඅව අටවක

ජුලි 18 

Full Moonඅමාවක

ජුලි 24


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]