බුද්ධාවවාදය
සබ්බපාපස්ස අකරණං -
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං -
එතං බුද්ධාන සාසනං
පව් නොකරන්න. කුසල් රැස්කරන්න. සිත පිරිසුදු කරන්න. මෙය බුදුවරන්ගේ අවවාදයයි.
සෑම බුදුවරයෙක් ම ලොවට පහළ වන්නේ අසරණයින්ට පිහිට වීමට ය. උන්වහන්සේ ලොවට පහළ වීම
මහත් ශාන්තියකි. සසර කෙටි කර ගැනීමට දහම් දෙසා බුදුවරු නොමඟ යන්නන්ට හොඳ මඟ
පෙන්වයි. ආර්ය මාර්ගයේ ගොස් නිවන් ලබා ගැනීම බුදු සමයේ බෙහෙවින් දක්නට විය.
සියලු බුදුන් වහන්සේගේ අවවාදය පිළිගන්නේ නම් නිවන අත ළඟ ය. බුදුන් වහන්සේගේ මේ
අවවාදය සදාතනික ය.
කිච්ඡො මනුස්ස පටිලාභො -
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං -
කිච්ඡො බුද්ධානං උප්පාදො
මිනිසත් බව ලැබීම අපහසු ය. ජීවත් වීම දුෂ්කර ය. බණ ඇසීම දුලබ ය. බුදුවරුන්ගේ ඉපදීම
දුලබය.
ලැබීමට හා කිරීමට ලෝකයේ බොහෝ අමාරු දේ ඇත. ඔබට ජීවිතයේ පහසුවෙන් කරගත හැකි කිසිවක්
නැත. ජීවත් වීම අමාරු ම දෙයක්. මේ සියල්ලට ම වඩා මිනිසත් භව ලබා ගැනීම අපහසු ය.
ලෝකයේ මිනිසුන් තිරිසනුන්ට වඩා අඩු ය. අපහසුවෙන් ලැබෙන දුලබ මිනිස් භවයෙහි නිසි
ප්‍රයෝජන නොලැබුවොත් වැඩක් නැත. මිනිසුන් ජීවත් වූවත් බණ අසන අය බෙහෙවින් අඩු ය.
හොඳ දේවල්වලට මිනිස්සු අකමැතිය. පසුබට නොවී මිනිස් භවයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට
වෙර දරන්න. |