Print this Article


පොසොන් පෝදා

පොසොන් පෝදා

පොසොන් සඳේ සඳ එළියෙන්
ලක්දෙරණ ම බැබළුවේ
මිස්සක පව්වේ එදා
සුදු බුදු රැස් විහිදුවේ
අපගේ අනුබුදු හිමියන්
ලක් දෙරණට වැඩමෙව්වේ
ඒ උතුම් පොහොය දිනයි
අප සැමරුවේ//

මිහින්තලා අඹ පව්වේ
හිමි වැඩ ඉන්නේ
එහි පා මුල වැඳ වැටිලා
ලක් රජ ඉන්නේ
අඹ පැන ඥාතී පැන හොඳ හැටි
විසඳා ගන්නේ
දේවානම්පිය රජතුමා
සුමඟට යන්නේ

අනුබුදු හිමියන් දෙසූ බණ
දසතම පැතිරුවේ
සදහම් සුවඳින් ලක්බිම
උතුරා යැව්වේ
මෙත් කරුණාවයි සිල්
සුවඳයි පැතිරෙව්වේ
ඒ උතුම් පොහොය දිනයි
අප සැමරුවේ

අම්බස්තලයෙන් සිදු වූ
වෙනස අපූරුයිනේ
ලක්බිම බොදු ජනයාගෙන්
පිරී ඉතිරී ගියානේ
එවන් අසිරිමත් දිනයකි
මේ අප සැමරු