[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුනඹරට පහන්ටැඹක් වූ ධර්ම විනයධර ඕමල්පේ සෝභිත නාහිමිපාණෝ

සසුනඹරට පහන්ටැඹක් වූ ධර්ම විනයධර ඕමල්පේ සෝභිත නාහිමිපාණෝ

උන්වහන්සේ සිල්වත් ය. ගුණවත් ය. නැණවත් ය. පරිත්‍යාගශීලී ය. තැනට ඔබින නුවණින් හෙබි ය. ජනතාවට ධර්මය පිළිබඳ ව කරුණු පහදා දීමේ දී උන්වහන්සේ දක්වන කුසලතාව පිළිබඳ මෙරට ගිහි පැවිදි දෙපාර්ශ්වය ම දක්වනු ලබන්නේ පුදුමාකාර කැමැත්තෙකි.

අපේ ඕමල්පේ සෝභිත නාහිමියෝ අර්ථ රසයෙන් ද, ශබ්ද රසයෙන් ද, ධර්ම රසයෙන් ද පෝෂිත ය. උන්වහන්සේගේ දේශනා සිංහල, පාලි, ඉංගී‍්‍රසි භාෂාවන් තුළින් සුපෝෂිත ය. නාහිමිපාණන් වහන්සේට දෙස් විදෙස් ලොකු කුඩා දෙපක්ෂය ම දක්වන්නේ ඉමහත් රුචියකි. ව්‍යක්ත විනීත විශාරදභාවයෙන් යුතු නිසා කාගේත් ගෞරවයට හා ආදරයට උන්වහන්සේ පත්ව ඇත.

විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහා භික්ෂු සංගමය පිහිටුවීම, බෞද්ධ සහෝදර සංගමය පිහිටුවීම, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු සංගමය පිහිටුවීම ආදී වූ ආරාධනයෙන් මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ ධර්මාචාර්ය හිමි නමක් ලෙස අප නාහිමියන් කටයුතු කළහ.

දිල්ලි විශ්වවිද්‍යාලයෙන් උන්වහන්සේ ආචාර්ය උපාධිය ලබා ගත්හ. ආචාර්ය ඕල් ඉන්දියා රේඩියෝ” හි භාෂා පරිවර්තකයකු ද විය.

ගමෙන් රටටත්, රටින් ලොවටත්, ලොවෙන් ගමටත් බොදු පුරුෂාර්ථ පිහිට වූ “ජාත්‍යන්තරයේ අපේ බොදු සලකුණ” වන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ 1987 දී ලංකාවට වැඩම විය. ඇඹිලිපිටියට වැඩම කරන ලද අප නාහිමියන්ට තම පැවිදි සහෝදර මුරුතමුරේ මුනින්දවංස ස්වාමීන් වහන්සේ බෝධිරාජ ධර්මායතනයට ප්‍රතිජීවනයක් ලබා දීමේ වගකීම අප නාහිමියන්ට පැවරූහ.

බෝධිරාජ පිරිවෙන, බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන බවට පත් විය. ජාත්‍යන්තරයට පිය මනිනු පිණිස ඇති භාෂා බාධක ඉවත් කරනු වස් බෝධිරාජ විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 2002 වසරේදී ය. එහි මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1000කට අධික ව අධ්‍යාපනය ලබති.

භික්ෂුවක් තුළින් ජනතාව පළමුව බලාපොරොත්තු වන්නේ සිල්වත් සහ නැණවත් භාවය යි. එම ගුණයන් අප නාහිමියන් තුළ අත්‍යන්තයෙන් ම රැඳී පවතී. වර්තමානයේ උද්ගත වන බොහෝ ආගමික, දේශපාලනික, සමාජයීය අභියෝග ජාත්‍යන්තරව පැන නඟින ගැටලුකාරී අවස්ථාවන්හි දී අප නාහිමිපාණන් අභීත ව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තම ස්වාධීන මතය ඉදිරිපත් කිරීම වර්තමාන භික්ෂූන්ට ආදර්ශයක් ලෙස ඉදිරිපත් වීම සුවිශේෂී ගුණයකි.

ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි 75 වැනි යතීන්ද්‍රාභිවන්දන ජන්ම සංවත්සරය වෙනුවෙන් උතුවන්කන්ද ධර්මදූත මහා විහාරයේ නිම කරන ලද සිරි මංගල ත්‍රිපිටක සෑ රදුන් සම්බුද්ධ ශාසනයට පූජා කිරීම, කෑගල්ල බෝධි උද්‍යාන භාවනා මධ්‍යස්ථානයේ ඉදි කරන ලද දාන ශාලාව විවෘත කිරීම, කුල දරුවන් පැවිදි කිරීම, 200 නමක් විෂයයෙහි පිරිනමන සංඝගත දක්ෂිණාව සහ රෝදපුටු ප්‍රදානය, මාතෘ පෝෂණ වැඩසටහන සහ ලේ දන් දීම, රෝද පුටු ප්‍රදානය, ගොඩකවෙල ධර්ම ගිරි විහාරයේ නිම වන ලද සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම, රක්වාන ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මාණය කරන ලද විහාර මන්දිරය විවෘත කිරීම හා ප්‍රායෝගික බුදු සමය ශාස්ත්‍රීය සංග්‍රහය අණගුණ හා බණ කෘතිය එළිදැක්වීම ඇතුළත් උත්සව සභාව පසුගියදා පැවැත්විණි.

හම්බන්තොට රුහුණු මාගම්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අතිපූජ්‍ය මහා නායක මකුලෑවේ විමල මහ නාහිමියන් වහන්සේ, අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති උත්තරීතර මහා නාහිමිපාණන් වහන්සේ, බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් වහන්සේ, සහ කොරියාවේ ඡෝගේ මහා නිකායේ ප්‍රධාන සංඝනායක යොන්දම් මාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් මෙම උත්සවය අලංකාර වුණි.

පොසොන් පුර පසළොස්වක

ජුනි 10 අඟහරුවාදා පූ.භා 11.35 පුර පසළොස්වක ලබා 11 බදාදා අ.භා 01.13න් ගෙවේ.
10 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 10

Second Quarterඅව අටවක

ජුනි 18 

Full Moonඅමාවක

ජුනි 25

First Quarterපුර අටවක

ජුලි 02  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]