
අර්ථවත් වෙනසකට
සරණාගමනය යනු ඔබේ ජීවිතයේ එක් වැදගත් හැරවුම් ලක්‍ෂයක් විය හැකි ය. එය ඔබේ ඉදිරි
දිසානතියේ මෙන් ම ඉදිරි දර්ශනයේ අර්ථවත් වෙනසක් ඇති කරන්නට හැකි තීරණාත්මක
අවස්ථාවකි. බෞද්ධ සරණාගමනය තුළින් මානසික සංවර්ධනය, චින්තන ශක්තිය, ප්‍රඥාව, යථාර්ථ
දැක්ම අභ්‍යන්තරව දියුණු කර ගැනීමෙන් ඔබට ඔබේ අභ්‍යන්තර සාමය, සංහිඳීයාව ඇති දියුණු
පරිවර්තනීය තත්වයක් උදා කර ගත හැකි ය.
මෙය ජීවිතයේ එක් වරක් සිදුවෙන චාරිත්‍රමය සිදුවීමක් නොවේ. එය විශ්වාසය හා අවබෝධය
වර්ධනය කරන ප්‍රතිපත්තිමය අඛණ්ඩ පිළිවෙතකි. එය ඔබ සසර පුරුද්දක් සේ පවත්වාගෙන යන්න.
එවිට එය ඔබේ කර්ම ශක්තිය තුළ ගොනුගත ව යම් මොහොතක, භව ගමනේ දී උපකාරී වනු ඇත
|