 අර්ථවත් සරණාගමනය
ඔබ තෙරුවන් සරණ යනවිට ඇයි මං තෙරුවන් සරණ යන්නේ කියා මෙනෙහි කිරීම ඉතා වැදගත් වන්නේ
ය. දුක් වේදනා හා විමුක්තිය සොයා ගැනීමට යොමුවන ආකාරය පිළිබඳ ව මෙනෙහි කිරීම ඔබේ
සරණාගමනය වඩාත් අර්ථවත් කරන්නට පිටිවහලක් විය හැකි ය.
ඔබේ සරණාගමනය තව තවත් වර්ධනය කර ගැනීමට වඩ වඩාත් ධර්මය අවබෝධ කර ගන්න. සතිමත් බව
වඩන්න. භාවනාව පුරුදු කරන්න. සදාචාරාත්මක හැසිරීම වඩාත් දියුණු කරමින් උද්‍යෝගයෙන්
කටයුතු කරන්න |