Print this Article


සතිමත්වීම කායික මානසික සුවයේ ඇරඹුමයි

සතිමත්වීම කායික මානසික සුවයේ ඇරඹුමයි

“සතිමත්වීම” යනු සංකීර්ණ මාතෘකාවකි. මිනිසා උත්පත්තියෙන් ලද දායාදයක් වන්නේ සතියයි.

සිංහලෙන් සිහිය කියන එම වචනය ඉංගී‍්‍රසියෙන් හඳුන්වන්නේ මයින්ඩ් ෆුල්නස්  (Mino Fullness) යනුවෙනි. ජන්ම දායාදයක් වන මෙම සතිය ගැන අවබෝධයක් නොමැති නිසා අද බොහෝදෙනා වල්මත්වී සිටිති. ඉඩකඩම්, වතුපිටි, නිවාස, දරුවෝ මුදල් නම්බුනාම, ලාභ කීර්ති ප්‍රශංසා කොපමණක් තිබුණත් බොහෝදෙනා තුළ සතුට නැත. ඔවුහු සතුට සොයා විවිධ දේ කරති. නැත. බාහිර සොයන සතුට කිසිකලෙකත් තමන්ට නොලැබෙන බව ඔවුහු නොදනිති. මැරෙන තුරු සෙවුවත් සතුට නොලබා ඔවුහු අසතුටින් මිය යති.

සතිමත් නොවීම නිසා වර්තමාන ලෝකයේ නිවෙස තුළත්, රටේත්, ලෝකයේත් ප්‍රචණ්ඩත්වය. කලකෝළාහල, කායික මානසික රෝග උත්සන්නවීම, සියදිවි හානි කර ගැනීම්, ආතතිය, ව්‍යාධිය, මානසික අවපීඩනය, ළමා හිංසනය, ළමා මානසික අපයෝජනය ඉහළයාම වැනි තත්ත්වයන් ද, යුදකෝළාහල දක්වා එය වර්ධනය වීමට එකම හේතුව සතිමත් නොවීම බව බොහෝ විද්වතුන් දැන් පිළිගෙන තිබේ.

අද වෛද්‍ය විද්‍යාවේ ද සතිමත් බව ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිත කෙරේ. දියුණු යැයි සම්මත වී ඇති බොහෝ රටවල් සතිමත්වීමේ ප්‍රායෝගික වැඩසටහන් ආරම්භ කර ඇත. එහි සාර්ථක ප්‍රතිඵල බොහෝ රටවල් නෙළා ගනිමින් සිටිති.

බුදුරජාණන් වහන්සේගේ බොහෝ දේශනාවලට පදනම් වී ඇත්තේ සතියයි. සතිමත් වන පුද්ගලයා තුළ සතුට මූදුවන බව දේශනා කළහ.

* අතීතය ගැන සෝක නොකරන්න

* අනාගතය ගැන බලාපොරොත්තු නොතබන්න

* වර්තමානයේ ජීවත් වෙන්න

එසේ කරන නුවණැත්තා සැපවත් වේ (සතුටින් සිටී.)

මෙය බුදුදහමේ ඉගැන්වෙන මූලික ධර්මතාවකි. මේ සඳහා දෛනික ජීවිතයේ දී භාවිත කළ හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් හඳුන්වා දෙයි. එය මානසික සුවය හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා මඟ හෙළි කර දෙයි. සැබෑ සතුට සොයා ගන්නා ආකාරය කියා දෙයි. ඒ සතුට තිබෙන්නේ තමා තුළ බවට තම තමන්ටම අවබෝධ වීමේ ප්‍රතිපදාවන් උන්වහන්සේ අපට පෙන්වා දුන්හ. එය සමථ විදර්ශනා යනුවෙන් විස්තර කළහ.

බොහෝ විද්‍යාඥයන් පවසන්නේ මැරුණූ අතීතය ගැන නොසිතා නොපැමිණි අනාගතය ගැන බලාපොරොත්තු, විවිධ අපේක්ෂාවන්, නොතබා වර්තමාන මොහොත තුළ හිත පැවැත්වීම තුළින් සැබෑ සතුට ඉපදෙන බවයි. එය සත්‍යයයි. බුදුපියාණන් වහන්සේ එදා අවබෝධ කළ ඒ දැකීම දියුණුූ යැයි සම්මත රටවල් ද දැන් පිළිගෙන ඇත.

අතීත, අනාගතය ඔස්සේ දිවයන සිතිවිලි පරම්පරාව වර්තමාන මොහොත තුළ පුරුදු පුහුණුූ කිරීම තුළින් ලැබෙන සතිමත්භාවය නිසා මිනිස් ශරීරය සහ මනස තුළ සිදුවන යහපත් පෙරළිය ගැන බොහෝ වෛද්‍ය විශේෂඥයින් සුබවාදී අදහස් ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන් ම සතිමත්වීම නිසා මිනිසාගේ ශෛල්‍ය හා ස්නායු පද්ධතිය තුළ යහපත් වෙනස් වීම් රැසක් සිදුවන බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි. හෝමෝන පද්ධතියේ දී මොළයේ සෛල තුළත් සතිමත්වීම නිසා යහපත් වෙනස්වීම් රැසක් සිදුවන බව කියති. එවැනි පුද්ගලයාගේ ශරීරය කර්මන්‍ය වී ඉන්ද්‍රිය පද්ධතියේ සක්‍රියතාවක් සිදුවන නිසා මිනිස් සිරුර තුළ නිපදවන හෝමෝන වැනි රසායනික ද්‍රව්‍ය නියම ප්‍රමිතියට බෙදාහැරීමක් සිදුවන බව පැවැසේ. මේ නිසා රෝග බෝවීම අවමවීම ,පවතින රෝග පාලනය වීම ඒ තුළින් කායික මානසික සහනයක් ලැබෙන බව සනාථ කර ඇත.

සතිමත්වීමේ දී මිනිස් මොළය තුළ ශ්‍රාවය වන රසායනික ද්‍රව්‍යවල විවිධ වෙනස්වීම් සිදුවන බවත්, එම වෙනස්වීම නිසා මිනිසාට ඉන් විශේෂ වාසි රැසක් හිමිවන බවත් සොයා ගෙන තිබේ. සමහර හෝමෝන වර්ග නිසා හොඳ නින්දක් ලැබෙන අතර හිතේ සතුට, ප්‍රබෝධය උද්දීපනය වන බව සොයාගෙන ඇත. විශේෂයෙන් ආයුෂ වැඩි වන අතර තාරුණ්‍ය බව රැකෙන විදියේ රසායනික ද්‍රව්‍යවල බෙදා හැරීම සිරුර තුළ සිදුවන බව හෙළිකරගෙන ඇත. සතිමත්වීම නිසා මිනිස් සිරුර තුළ මෙවැනි යහපත් ප්‍රතිඵල රැසක් නෙළා ගත හැකි බව පරීක්ෂණවලින් හෙළිකරගෙන ඇත.

බුදුපියාණන් වහන්සේගේ මූලික ඉගැන්වීමක් වන්නේ වර්තමාන මොහොතේ ජීවත්වීමයි. ඒ තුළින් කායික/ මානසික සතුටක් උපදින බව සඳහන් කර ඇත. කය වර්තමාන මොහොතේ තිබුණත් සිත ඉතා වේගයෙන් අතීතයටත්, අනාගතයටත් ගමන් කරන බව දේශනා කර ඇත. වෛද්‍ය පරීක්ෂණවලින් ද මෙය ඔප්පු වී ඇත. වර්තමාන, මොහොත තුළ හෙවත් සතිමත්වීම නිසා මෙලොව වශයෙන් ලැබෙන වාසි රැසක් බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.

මෛත්‍රී භාවනාව තුළ සිත පිහිටවීම නිසා ආනිසංස 11ක් ලැබෙන බව දේශනා කළහ. චංකම සූත්‍රයෙන් ආනිසංස 5ක් ගැන කියැවේ. රෝග වැලඳීම අවම වන බව දේශනා කළහ. වෛද්‍ය පරීක්ෂණවලින් ද මෙය ඔප්පු කර ඇත. නවීන විද්‍යාඥයින් සතිමත්වීම තුළින් බලාපොරොත්තු වෙන්නේ සිතේ සහනයක් පමණි. එහෙත් බුද්ධ දේශනාව තුළ ඊට එහා ගිය දැක්මක් ඇත.

බුදුපියාණන් වහන්සේගේ මූලික ඉගැන්වීමක් වන්නේ වර්තමාන මොහොතේ ජීවත්වීමයි. ඒ තුළින් කායික, මානසික සතුටක් උපදින බව සඳහන් කර ඇත. කය වර්තමාන මොහොතේ තිබුණත් සිත ඉතා වේගයෙන් අතීතයටත්, අනාගතයටත් ගමන් කරන බව දේශනා කර ඇත. වෛද්‍ය පරීක්ෂණවලින් ද මෙය ඔප්පු වී ඇත. වර්තමාන මොහොත තුළ හෙවත් සතිමත්වීම නිසා මෙලොව වශයෙන් ලැබෙන වාසි රැසක් බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක.

එය පුද්ගලයාගේ ආධ්‍යාත්මික දියුණුවයි. සිතේ පවතින සහනය තුළින් ආධ්‍යාත්මික දියුණුව කරා ගමන් කළ හැකි බවයි. එම ප්‍රතිපදාව ආර්යඅෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වා තිබේ. එය සදාතනික සැපය ලෙස හැඳින්විය හැකි ය. ඒ සඳහා ප්‍රායෝගික ව වැඩපිළිවෙළක් ඇත. මෙම වැඩ පිළිවෙළ තුළ ජීවත්වන මිනිසාගේ සතුට ඔහු තුළ පවතී. “සතිමත්වීම’ එම හරයයි.