Print this Article


කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවයක්

කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවයක්

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රමණීය ගම්පියසක් වූ නිල්වක්ක ග්‍රාමයේ පිහිටා ඇති ගල්පිලකන්ද භාවනා මධ්‍යස්ථානයෙහි අභිනවයෙන් ඉදි කරන්නට යෙදුණ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළඳවීමේ උතුම් පුණ්‍ය කර්මය මෙම 11 වැනි දින පෙ.ව. 08.26ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරේ.

නිල්වක්ක පුරාණ ටැම්පිට විහාරය, ගල්පිලකන්ද භාවනා මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති, කෑගල්ල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති පොළොන්නරුවේ සරණංකර මාහිමියන්ගේ අනුශාසකත්වයෙන් උත්සව කටයුතු සංවිධානය කෙරේ.