 සිරිපතුල අනුරුවක් පූජා කිරීමේ පුණ්‍යමහෝත්සවයක්
ලේක්හවුස් ආයතනයේ ප්‍රාදේශීය ජනමාධ්‍යවේදියකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ ඩබ්ලිව්.
ඇම්.එන්.වී. විජේනායක මහතාගේ ජන්ම දිනයට හා පරලොවසැපත් වී වර්ෂ පූර්ණ පින්කමට
සමගාමීව තල්පිටිය, දළදාවත්ත පුරාණ මහා විහාරයට උතුම් සිරිපතුල අනුරුවක් පූජා කිරීමේ
පුණ්‍ය මහෝත්සවය මෙම 11 වැනි දින පැවැත්විණි. එදින සවස 04.00ට 312, ගාලුපාර, දකුණූ
තල්පිටිය වාද්දුව නිවෙසින් සිරිපතුල අනුරුව වැඩමවන මල් පෙරහර පිටත්වීමට නියමිත ය.
පානදුර තොටුමණබද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක දළදාවත්ත පුරාණ විහාරස්ථ
පරිවේණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්ද්‍රරතන නාහිමියන්ගේ අනුශාසනයෙන් මෙම පින්කම
සිදුකෙරේ.
|