Print this Article


වාර්ෂික උපසම්පදා විනය කර්මය

වාර්ෂික උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය මෙම ජුනි 27, 28, 29 යන දිනවල දී සිරි සද්ධම්මවංසපාල ගුණාචරිය මහා මහෝපාධ්‍යාය අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා “සුධර්මා” කාරක සංඝ සභික නායක ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන් බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරය යාබද මාදුනදී ‘ස්වේජින්’ නම් උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත්වේ.

ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති සාමණේරයන් වහන්සේ සිය ආචාර්යයන් වහන්සේ මඟින් මැයි 20 දිනට ප්‍රථම අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කොට මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයට එවිය යුතු ය. අයදුම්පත් එම ලිපිනයෙන් හෝ පළාත් නායක ස්වාමීන් වහන්සේගෙන් ලබා ගත හැකි ය.