පමා වෙන්න එපා
පරලොවට පිහිට වෙන
යහපත් පින්කම් කරන්න.
පරලොව දී අපට පිහිට
වෙන්නේ පින පමණයි.
ජීවිතය අවසන් වන්නේ පෙර
දැනුම් දීමකින් නොවේ
කොයි වයසක වුවත්,
කොයි තැනක වුවත්
දවසේ මොන කාලයේ දී වුවත්
ජීවිතය අවසන් වෙන්න පුළුවන්.
මේ ජීවිතය අවසන් වූ ගමන්
ඔහුට පරලොවක් තිබෙනවා කියලයි
හැම දේ ම දුටු, හැම දේ ම අවබෝධ කළ
සම්මා සම්බුදු රජාණන් වහන්සේ
දේශනා කොට වදාළේ |