පසු පස එන
දුක් විපාක
අප යම් යම් දේ දැන ගන්නේ චිත්ත ශක්තියෙකි. උදාහරණයක් ලෙස ඇස ගැන සිතමු. එය බාහිර
රූප සමඟ ස්පර්ශ වූ විට රූපය පිළිබඳ ව දැනීමක් ඇති වේ. චක්ඛු විඤ්ඤාණය යනුවෙන්
හඳුන්වයි. විඤ්ඤාණය චෛතසිකවල ප්‍රධාන තැන ගනී. චක්ඛු විඤ්ඤාණය පහළවීම සමඟ ලෝභ,
ද්වේෂ, මෝහ ආදී සිතිවිලි පහළවීම නිසා පාප කර්ම සිදු කෙරේ. එවිට ඊට අදාළ කර්ම විපාක
දුක්, කරත්තයක බැඳි ගොනා පසුපස ගමන් කරන රෝදය මෙන් පව් කළ තැනැත්තා පසුපස ගමන් කරන
බව ධම්මපදයේ පෙන්වා දේ. මෙලෙස පව් කිරීම ඇස, කන, නාසය, දිව, කය, මනස ඉඳුරන් තුළින්
ද සිදු වේ. එනිසා ඉඳුරන් සංවර කර ගනිමු. කුමන හෝ පවක් කිරීමෙන් වළකිමු.
එස්. ජයවර්ධන
|