Print this Article


කටුකෙන්දේ විජිත හිමියෝ පනස්වැනි ජන්ම දිනය සමරති

වර්ෂ 1975.01.13 වන දින දෙල්ගොඩ ලියනගේ නිමල් ජයන්ත යන නමින් ජන්ම ලාභය ලැබ 1989.07.13 වන දින උතුම් බුද්ධ ශාසනයේ සාමණේර භික්ෂුවක් ලෙසින් කටුකෙන්දේ විජිත හිමි නම ලබා සසුන්ගත වූහ. 1997 ජූලි 07 වන දින ගාල්ල මහ මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාවද ලබා ගත්හ.

ප්‍රධාන පැවිදි අනුශාසක භික්ෂූන් වහන්සේ වූ අපවත් වී වදාළ ආරංගාවේ සෝම නාහිමිපාණන්ගේ සහ වත්මන් දිවුලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගලේවත්ත ශ්‍රී බෝධිරාජාරාමාධිපති තිඹිරිගොල්ලේ රේවත නාහිමිපාණන් වහන්සේගේ බලවත් ඉල්ලීම මත 2011 වසරේ දී අලුතින් ආරම්භ කරන ලද විහාරස්ථානයට වැඩම කරන ලදී.

විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ගමේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු රාශියක් ඉටු කරනු ලබයි. ගමේ දියුණුවට නිරතුරුව කැපවී කටයුතු කරන ශාස්ත්‍රපති සාම විනිසුරු කටුවකන්දේ විජිත හිමියෝ මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පදවිය උසුලනු ලබති.