ලෝ දහම
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො
වේගයෙන් පියඹන
කුරුල්ලකු ලෙසිනේ
කාලය ද වේගයෙන්
නොනැවතී ගලන්නේ
අරුණලු විදා නැඟෙන
හිරු මල ද මැළවී යයි
පිනි බිඳුව සදිසි
මනු දිවිය ද අනියතයි
සසර මඟ අම්බලමෙ
කෙටි කලකි රැඳෙන්නේ
සෙක්කුවේ බැඳි ගොනු සේ
රුදු සසරේ සරන්නේ
මරණ බිය දැනෙන සත
කුසල් දම් වඩන්නේ
බියෙන් තොර සැප පිණිස
නිවන් සුව පතන්නේ
(සංයුක්ත නිකාය අච්චන්ති සූත්‍රය ඇසුරෙනි)
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |