[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

උඳුවප් පුර පසළොස්වක

 දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 05.02 පුර පසළොස්වක ලබා
15 ඉරිදා අ.භා. 02.36 ගෙවේ.
14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

First Quarterපුර අටවක

ජනවාරි 07

 

 

 

 

 

 

 

 

සම්බුදු සිරිපා වන්දනා සමය ඇරඹෙයි

සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ උඳුවප් පුර පසළොස්වක පොහොය උදාවත් සමඟ ය. එතැන් සිට ඊළඟ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා කාලය සිරිපා වන්දනා සමය යි. චිරාගත සම්ප්‍රදායානුකූල ආගමික වතාවත් රාශියක් ඉටු කිරීමෙන් පසු වන්දනා සමය ආරම්භ වෙයි. පැල්මඩුල්ල ගල්පොත්තාවල පන්සලේත්, රත්නපුර මහසමන් දේවාලයේත්, සිරිපා පුද බිමේත් සිදු කරන ආගමික වතාවත් නියමිත ඒ ඒ අවස්ථාවන්හි දී අනුපිළිවෙලින් පැවැත්වේ. වන්දනා ගමන් යාම ලාංකික බෞද්ධ ජනජීවිතය හා සබැඳි විශේෂ අංගයකි. එකල අද වැනි ප්‍රවාහන පහසුකම් නොතිබුණි. එබැවින් ජනතාව හුරුපුරුදු වී සිටියේ පා ගමනින් ම වන්දනා ගමන් යාමටයි. සිරිපා වන්දනා ගමනට අනෙකුත් සියලු වන්දනා ගමන්වලට වඩා විශේෂත්වයක් හිමි වුණි. ගමන ආරම්භ කරන්නේ සුමන සමන් දෙවියන්ට භාරහාර වීමෙන් පසුවයි. ඇතැම්විට තම ඉඩකඩම් පවා ඥාතීන්ට පවරා දී සිරිපා වන්දනාවේ යෙදීම පුරාතන සිරිතයි. මෙරට ජනතාව වන්දනාවේ යන සිද්ධස්ථාන අතුරෙන් වැඩිම දුරක් පයින් යා යුතු එකම සිද්ධස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානය යි. එම දුෂ්කරතාව නිසා ම සිරිපා වන්දනාව තුළින් ලැබෙන කුසලය සෙසු වන්දනා ගමන්වලින් ලැබෙන කුසලයට වඩා උසස් යැයි වන්දනාකරුවෝ අදහති. එබැවින් පිරිවර ජනයා ද සමඟ වන්දනා නඩ වශයෙන් සංවිධානය වී මහත් උනන්දුවකින් සැදැහැවත්හු සිරිපා තරණය කරති. සිංහල ජන ජීවිතයේ අන් කවර හෝ අවස්ථාවක දී වත් භාවිතයට නොගන්නා සිරිපා වන්දනා ගමන සඳහා ම පමණක් ආවේණික වූ විශේෂ වදන් මාලාවක් ජනගත වී පවතියි. හිමිදිරි පාන්දර පෙරදිගින් සූර්යයා උදාවීම සිරිපා පුදබිමේ දී “ඉර සේවය” නමින් හඳුන්වයි. වන්දනාකරුවන් ඔවුනොවුන් හමුවන අවස්ථාවන්හි දී “කරුණාවයි” කියමින් ආශීර්වාද කර ගන්නා අතර, මෙය වෙනත් අවස්ථාවක “ආයුබෝවන්” යැයි කීම හා සමාන ය.

මිනිසත් බවේ ශ්‍රේෂ්ඨත්වය සදන අනුත්තරිය ධර්ම

අපි හැමවිට ම උත්සාහවත් වෙන්නේ ඉහළම තැනට යාමට යි. ඉහළම සැප ලබා ගැනීමටයි. පාසලේ ඉගෙනුම ලබන දරුවා පන්තියේ පළමු වැනියා වීම, පන්තියේ සියලු ම ළමුන්ට වඩා ඉහළ තැනක සිටීම, ක්‍රිඩාවට ගියා නම් එයින් පළමු තැන ලැබීම, ධාවන තරගයට ගියහම එයින් පළමු තැන ලැබීම, බලයෙන්, ධනයෙන්, වත්පොහොසත්කම්වලින් අනිකුත් අය අභිබවා ඉහළ ම තැනට පත්වීම කියන මේවා තමයි මේ පෘතග්ජන ස්වභාවයට අනුව අපි කාගේත් පැතුම වන්නේ. අප මෙහි දී මේ කියන සිතිවිලි ක්‍රමයේ වරදක් දකිනවා නොවෙයි. ධර්මානුකූල ව සිතා බැලීම වැදගත්කමයි අවධාරණය කළ යුතු වන්නේ. මේ චින්තන රටා අපට උරුම වෙලා තිබෙන්නේ අපි හැමවිට ම ආශාව, මුළාව වගේ ම තරහ, වෛරය, ක්‍රෝධය වැනි කෙලෙස් ගතිවලින් යුක්ත වන නිසා. තරගයේ දී තමන්ගේ දරුවා ඉහළ තැනකට ඔසවා තැබෙනවා නම්, ඒක තමා මව්පියන්ගේ ප්‍රාර්ථනාව. ජයං වෙරං පසවති දුක්ඛං සෙති පරාජිතො යන බුදු වදන අනුව නම් ඉහළ ම ජය තවත් අයකුගේ වෛරයට හේතු වෙනවා. පරාජිතයා දුකින් තැවෙනවා.බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා අතර එනවා අනුත්තරිය සුත්ත කියලා සූත්‍රයක්. මෙයින් විස්තර කොට දක්වා තිබෙන්නේ ධර්මානුකූල ව අපේ සිතිවිලි, ආකල්ප ශුභවාදී ව සකස් කර ගැනීමෙන් ඉහළ ම තැනට ගමන් කරන ආකාරය යි. ඉහළ තැන ලබා ගන්නා ආකාරය යි. එහිදී බුදුරජාණන් වහන්සේ අනුත්තරිය ධර්ම හයක් පැහැදිලි කර තිබෙනවා. ඒ වගේ ම උන්වහන්සේ එහිදී මුලින් ම පෙන්වා දී තිබෙන්නේ ඉහළ ම ස්ථරය, නැති නම් තවත් ඊට අභියෝග කළ නොහැකි තත්වයක් අනුත්තරිය අර්ථයෙහි ඇති බවයි. තවත් විදියකින් කියනවා නම්, ඒ ඉහළ ම තත්වයට ගියාට පස්සේ ඉන් එහාට ගිය තවත් උත්තරයක් සොයා ගත නොහැකි බවයි.

හිසට සාදාගත් සෙවණ හිතට නිවනක් කර ගන්න

දහමේ ඉගැන්වෙන සතුට දෙයාකාර ය. සාමිශ සහ නිරාමිශ යනුවෙනි. යමක් ලබාගෙන විඳින සතුට සාමිශ සතුටයි. අත්හැරීමෙන් ලබන සතුට නිරාමිශ සතුටයි. බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරාමිශ සතුට ම භුක්ති වින්දෝ ය. එය වර්ණනා ද කළහ. මඟඵල නොලැබූ පුහුදුන් අය නිරාමිශ සතුටට වඩා සාමිශ සතුට විඳිති. එය අගය කරති. ඇසින් පි‍්‍රය රූපත්, කනින් පි‍්‍රය ශබ්දත්, නාසයෙන් හොඳ සුවඳත්, දිවෙන් රස පහසත්, කයෙන් සුබ පහසත්, මනසින් පි‍්‍රය අරමුණුත් ගෙන විඳිමින් සතුටු වෙති. ලෝක ස්වභාවය එයයි. බුදුරජාණන් වහන්සේ මේ ලෞකික සතුට ප්‍රතික්ෂේප නොකළහ. වර්ණනා කළේ ද නැත. පෘථග්ජන පුද්ගලයාට අරමුණුවලින් විඳගන්නා සතුට සදාචාරාත්මක සීමාවක් තුළ විඳගැනීම ගැන දහමේ විරෝධයක් නැත. අංගුත්තර නිකාය අණන සූත්‍රයේ දී පුද්ගලයකුට ලැබිය හැකි සැප හතරක් ගැන බුදුන් වහන්සේ වදාළහ. එනම් තමාට යමක් ඇත යන සතුට (අත්ති සුඛ) තමාට හිමි සම්පත් නිසි සේ පරිභෝජනය කරනවා යන සතුට (භෝග සුඛ) තමා අනුන්ට ණය නැත යන සතුට (අණන සුඛ) සහ නිවැරැදි ව උපයා ගෙන ජීවත් වෙනවා යන සතුට (අනවජ්ජ සුඛ) යනුවෙනි. මෙලොවත්, පරලොවත් දෙක ම රැක ගෙන, තමන්ටත්, අනුන්ටත් හානියක් නොවන පරිදි සතුටින් ජීවත්වීම බුදුදහම අනුමත කර ඇති බව පැහැදිලි ය. පවුල තුළ සාමය, සමඟිය, සංහිඳියාව සහ නිරවුල් බව මුළු සමාජයේ ම පැවැත්මට හේතු වේ. පවුල් පරිසරය තුළ පැවතිය යුතු සාමකාමී යහපත් තත්ත්වය පිළිබඳ දේශනා රාශියකි. සිඟාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය, කරණීය සූත්‍රය, අණන සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, වේළුද්වාර සූත්‍රය, ධම්මික සූත්‍රය කිහිපයක් පමණි. එම උපදෙස් එදා සමාජයට මෙන් ම අද සමාජයට ද එක සේ වැදගත් ය.

දියුණුවේත් සුන්දරත්වයේත් ඇරඹුම විනයානුකූල හැසිරීමයි

ගසක් යට ඉපිද, ගසක් යට බුදු වී, ගසක් යට පිරිනිවී ලොව යථාර්ථය පිළිබඳ පූර්ණ ප්‍රඥාව හා සුන්දරත්වය අතර අතිශය සමීප සබඳතාවක් පවතින බව බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා දුන්හ. ලොව බිහි වූ විශිෂ්ට පරිසරවේදියාණන් බුදුරදුන් ය. මිනිසා පරිසරය සමඟ ගනුදෙනු කළ යුත්තේ මිත්‍රශීලී ලෙස බව බුදුසමය අවධාරණය කරයි. බුදු දහම තරම් පරිසරය ගැන සාකච්ඡා කළ දහමක් තවත් නැත. බුදු සිරිතේ සෑම සුවිශේෂී අවස්ථාවක් ම පරිසරය සමඟ බද්ධ වී ඇති ආකාරයෙන් එය මොනවට පැහැදිලි වේ. බුදුරදුන් සිය ශ්‍රාවකයින්ට දේශනා කළේ භාවනා කිරීමේ දී පරිසරය තෝරා ගන්නා ලෙසයි. ආරඤ්ඤගතොවා, රුක්ඛමූලගතොවා, සුඤ්ඤාගාරගතොවා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කිරීමේ දී ද රමණීය පරිසරයක් තෝරා ගත්හ. දහම් කරුණු විස්තර කිරීමේ දී උපමා වශයෙන් යොදා ගත්තේ ද පරිසරයේ විවිධ අවස්ථාවන් ය. උන්වහන්සේ පරිසර හිතකාමී ය. ස්වභාවික පරිසරය තුළ වැඩ සිටීමට නිරතුරුව කැමති විය. ස්වභාවික පරිසරය ආශි‍්‍රත ව වස් විසීමට ද වැඩි කැමැත්තක් දැක්වූහ. පරිසර සංරක්ෂණය සඳහා ශ්‍රාවකයින්ට උපදෙස් දුන් සේක. පතිරූපදේසවාසෝච යහපත් පරිසරයක ජීවත්වීමේ වැදගත්කම පැහැදිලි කළහ. සංයුක්ත නිකායේ වනරෝප සූත්‍රයේ නිතර නිතර පින් වැඩෙන පින්කම් ගැන සඳහන් වේ. උයන් වතු වැවීම, ඒ දඬු මං මාවත් ඉදිකිරීම, ළිං පොකුණු සකස් කිරීම සැමදා පින් වැඩෙන පින්කම් ලෙස පෙන්වා දී ඇත. ගස් වැල් කපා දැමීම, මල් ඵල ආදිය කඩා විනාශ කර දැමීම නොකළ යුතු බව දක්වා ඇත. පරිසරයේ පවතින සියලු දෑ ආරක්ෂා කිරීමට උපදෙස් දෙන බුදු දහම වන සංරක්ෂණය, ජල සංරක්ෂණය, ශබ්ද සංරක්ෂණය, භූමි සංරක්ෂණය, සත්ත්ව සංරක්ෂණය, වායු සංරක්ෂණය පිළිබඳව ද අවධානය යොමු කොට ඇත. ජලයට අපද්‍රව්‍ය එක් කිරීම මඟින් ජලය දූෂණය සිදු වේ. විනාශ වූ ජලය භාවිත කිරීමෙන් ප්‍රාණීන් විනාශ වීම, රෝගාබාධ ඇතිවීම වැනි අයහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ජල සම්පත ආරක්ෂා කිරීම අතිශයින් ම වැදගත් වේ. සමාජයේ කුඩා ම ඒකකය පවුලයි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]