Print this Article


කොබවක ශ්‍රී සුමනාරාමයෙන් විශේෂ පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාමයෙන් විශේෂ පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම මහා විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා මෙහෙයවීම පරිදි 24 වැනි වරටත් මෙම 21 හා 22 දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වනු ලබන චතුමධුර හා අෂ්ටපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව 21, දින ද, 22 වැනි දින කිරි ආහාර බුද්ධ පූජාව හා අමුතු මුල්තැන් විශේෂ ආහාර බුද්ධ පූජාව පැවැත්වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දාන ශාලාවේ දී ගරුතර මහා සංඝරත්නය උදෙසා පිරිනැමෙන සපිරිකර සංඝගත දක්ෂිණාවකි. 21 දින රාත්‍රියේ මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරස්ථ ප්‍රාර්ථනා බෝධින් වහන්සේ අබියස දී ගිලන්පස බුද්ධ පූජා, බෝධිපූජා , ආදි පින්කම් රැසක් පැවැත්වේ. මෙහෙයවීම බේරුවල මග්ගොන ශ්‍රී නිග්‍රෝධාරාම විහාරාධිපති කොබවක ධම්මසීවලී හිමියන් විසිනි.