සීදූවේ සුමනවංස නා හිමියෝ
සසුන් දිවියේ
54 වැනි විය සපුරති
රද්දොළුව සුබෝධාරාම මහා විහාරය හා අභිනවාරාමය යන උභය විහාරාධිපති ව වැඩ විසූ
රද්දොළුවේ අරියවංශ මහා ස්වාමීන් වහන්සේගේ හා එම විහාරද්වයෙහි විහාරාධිපති අමරපුර
මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සභාවේ ප්‍රධාන කාරක සංඝ සභික සම්මාන අනුනායක අපවත්වී
වදාළ රද්දොළුවේ අමරවංස නා හිමියන් වහන්සේගේ ශිෂ්‍යයකු ලෙස 1970 ඔක්තෝබර් 31 වන දින
සුබෝධාරාම මහා විහාරයේ දී උතුම් පැවිදි දිවියට පත් වූ සීදූවේ සුමනවංස නා හිමියෝ
සසුන් දිවියේ 54 වැනි විය සපුරති.
ඒ නිමිත්තෙන් පසුගිය දා රද්දොළුව ශ්‍රී අමර මහා විහාරයේ දී විහාරස්ථ දායක සභාව,
ප්‍රජාපතී කුලඟන සමිතිය, ශ්‍රී ධම්මානන්ද දහම්පාසල් ආචාර්ය මණ්ඩලය, එක්සත් තරුණ
බෞද්ධ සමිතිය උන්වහන්සේට ආශිර්වාද පතා පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණි.
සම්පූර්ණ ලිපිය ඉල් අව අටවක පෝදා
අන්තර්ජාල කලාපයේ පළවේ
|