Print this Article


ජීවිතයේ යථාර්ථය

ජීවිතයේ යථාර්ථය

සඳ රැජිනිය නැඟී සිසිලස බෙදන සඳ
මද පෙළ තුහින බෙදනා වලා පෙළ මැද
විඳ විඳ සිසිල සිත මැදිමඟ තබන ලද
නිදහස ලබමි දෙසු දහමෙහි සුවය මැද

අද පොහො දිනකි නවසඳ පහළොවකි කලා
වැඳ තෙරුවන් තිලකුණු ගැන පසක් කළා
පුද පිළිවෙත් මඟින් හිමි ගුණ දෙසම බලා
නිදහස ලබමි පිළිවෙත් මඟ ගමන් කළා

ලෝකය අනිත දුක අනත්මය හැමදාම
මේ කය ඇතිවෙනව මැරෙනව නැතිවීම
රෝගය අට අනූවක් වෙනවා මේම
මේකයි ගොයුම් ගොත් දෙසූ පිරිසුදු දහම

මට මම මගෙ කිය කියා රැස්කෙරු හෑම
හෙට වෙන අයට අත්වෙනවා නොවැමේම
අට අනූ රෝගයෙන් මේ කය ලෙඩ වීම
දුටුවොත් සසර බිය මේකයි දෙසු දහම