Print this Article


අපවත් වී වදාළ හෙට්ටිමුල්ලේ ශ්‍රී සිද්ධාර්ථාභිධාන නා හිමි

අපවත් වී වදාළ හෙට්ටිමුල්ලේ ශ්‍රී සිද්ධාර්ථාභිධාන නා හිමි

අපවත් වී වදාළ හෙට්ටිමුල්ලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන්ගේ අසූ එක්වැනි ජන්ම දිනය මෙම මස 28 වැනි දිනට යෙදී ඇත.

1957.04.05 දින හෙට්ටිමුල්ලේ සිද්ධාර්ථ යන නාමයෙන් පැවිදි දිවියට ඇතුළත් විය. ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා විහාර මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උතුම් උපම්පදා සීලයෙහි පිහිටුවන ලදි. ඉහළ සාමාර්ථ සහිත ව ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූහ.

පිළිමතලාවේ ශාස්ත්‍රාලංකාර පිරිවෙන, පොල්අඹේගොඩ, ශ්‍රී සුදර්ශනාරාම මහා පිරිවෙනෙහි ද සේවය කළහ.

අප නායක මා හිමිපාණන් වහන්සේ, 2012 වසරේ දී ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලදහ.