Print this Article


කඳන්ගොඩ සද්ධානන්ද මහ නාහිමියෝ ගෞරව සම්මාන උපාධි ලබති

කඳන්ගොඩ සද්ධානන්ද මහ නාහිමියෝ ගෞරව සම්මාන උපාධි ලබති

මහෝපාධ්‍යාය අතිගරු කඳන්ගොඩ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පදවිය සමඟ අරියවංශපාල ගණාචරිය ප්‍රවචන විශාරද ශ්‍රී සුමනසාර යන ගෞරව සම්මාන උපාධි සන්නස්පත්‍ර පිරිනමා ඇත.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ “ධම්මජෝතිනී” කාරක සංඝ සභාව මධ්‍යයේ පැවිදි උතුමන් ප්‍රධාන ගිහි ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් බළන්ගොඩ - කිරිඳිගල ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානයේ දී මෙකී උතුම් පුණ්‍ය මහෝත්සවය මෙම මස 07 වැනි දින අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.