Print this Article


සංඝ ශෝභන ගුණ සුපූජිත තඹුත්තේගම ධම්මාරාම හිමි

සංඝ ශෝභන ගුණ සුපූජිත තඹුත්තේගම ධම්මාරාම හිමි

අනුරාධපුර, දිස්ත්‍රික්කයට අයත් තඹුත්තේගම සුන්දර ගම්මානය නිජ භූමිය කරගත් අපේ පින්වත් හාමුදුරුවන් පොඩිහාමිනේ මාතාවටත් එම්.එම්. රන්බණ්ඩා පියාණන්ටත් දාව 1978.05.05 දින මෙලොව එළිය දිටීය. 1989.10.06 දින තඹුත්තේගම ධම්මාරාම හිමි යන නමින් උතුම් පැවිදි දිවියට ඇතුළත් වූහ.

අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වූයේ ආචාර්ය යටගම ධම්මපාල නාහිමියන්ගේ හා අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත ඉලිප්පදෙණියේ සීවලී නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙසට ය.

ආගමික, ශාසනික, සාමාජීය වශයෙන් අනුපමේය මෙහෙවරක් සිදු කරමින් වැඩ වෙසෙන අපේ ශාස්ත්‍රපති තඹුත්තේගම ධම්මාරාම හිමියෝ පැවිදි වී මේ මස 06 වැනි දිනට වසර 35ක් හා උපසම්පදාවට පත්වී වසර 24ක් ද සම්පූර්ණ කරති.

තුණුරුවන් කෙරෙහි අපමණ සැදැහැතියෙන්, සසුනෙහි උකටලී නොවී දෑ හිතකාමී ව පෙරමුණට ම පියමනින අපේ පින්වත් තඹුත්තේගම ධම්මාරාම හිමියන්ට නීරෝගී බව සැලසේවා'යි ප්‍රාර්ථනා කරමු.