Print this Article


සසුනඹර බබළවන බෝපිටියේ ධම්මිස්සර නාහිමියෝ

සසුනඹර බබළවන බෝපිටියේ ධම්මිස්සර නාහිමියෝ

කළුතර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක අප ගුරුදේවෝත්තම සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීෂ්වර ධම්මානන්ද බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ 78 වැනි ජන්ම දිනය පසුගිය දින යෙදී තිබුණි.

කුරුවිට විදානලාගේ සුදේරිස් අප්පුහාමි පියාට සහ කේ.ඩී. රොසලින් මෝනා මවට දාව උපන් දරුවන් දහහතර දෙනාගෙන් දහතුන්වැනියා ලෙස අප කතානායකයාණෝ උපත ලැබූහ.

සසර ගමනේ දී පුරණ ලද පින් මහිමය හේතුවෙන් 1961 වසරේ දී බෝපිටියේ ධම්මිස්සර නමින් සසුන්ගත විය.

උන්වහන්සේ සිදු කරන ශාසනික, සමාජීය, සංස්කෘතික මෙහෙවරට අමතර ව ජාතික, ආගමික කටයුතුවල දී ඉටුකරන මෙහෙය පැසසිය යුතු ය. බුදුදහම ආරක්ෂා කරමින්, සඟ සසුන පවත්වා ගෙන යාම සඳහා අප ගුරු දෙවිඳුන් සිදු කරන ජාතික, ශාසනික, අධ්‍යාපනික, සංස්කෘතික මෙහෙවර සහ කැපකිරීම සුළුපටු නොවේ. උන්වහන්සේගේ උතුම් මෙහෙවර කරගෙන යාමට රත්නත්‍රයේ ආනුභාවය ලැබේවා'යි ප්‍රාර්ථනා කරමි.