Print this Article


අතහැරීම

අතහැරීම
 

සුවඳැති කුසුමක් වී
ඔබ දින චරියාවේ
අකුසල් අරමුණු
මනසින් අතහරිනට
අදිටන් කළ මැන සැම කල්
පුරුදු කරනු මැන සැම කල්
බුදු හිමි වැඩි මඟ පියවර තබනා
සැදැහැති සව්වකු සේ
ඔබගේ මනසට යහපත් අරමුණු
ගන්නට අදිටන් කළ මැන
නිරතුරු දිවා රැයේ
පුරුදු කළ මැන
සැම දා දිවා රැයේ

බුදු හිමි වැඩි මඟ පියවර තබනා
සැදැහැති සව්වකු සේ

දිවිය පුරා අල්ලාගත්
කිසිවක් නැත
පරලොව ගෙන යන්නේ
මනසින් රැස්කළ කුසලය පමණකි
සුවඳැති මල් සේ
මෙලොවින් සමුගෙන
ඔබ ගෙන යන්නේ

බුදු හිමි වැඩිමඟ පියවර තබනා
සැදැහැති සව්වකු සේ

බියකරු සසරේ සැමහට
සැමදා සැනසුම එය වේ
රැකවරණය එය වේ
එහි මල් ඵල සැම කල්
මහ රහතුන් ලැබ ගන්නේ