තුන් ලෝ සත වෙත
පතුරමු මෙත් සිත
				
				 
				 
මේ කවි නිතර හඬ නඟා කියවන්න. ඒ සෑම මොහොතක ම සියලු සතුන් ම අරමුණු කර ගන්න. 
කාර්යබහුල බව නිසා භාවනාවට කාලය නොමැති මුත් මෙයින් යන්තමින් හෝ ඔබට යහපතක් වනු 
නොඅනුමාන ය.  
				 
විසිරුණු සිත නිති සංවර වේවා  
තරහව දුරු වී මෙත් සිත වේවා  
ද්වේෂය තුළ පීඩා නොම වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා  
				 
දුර ළඟ සිටිනා සතුන් ද වේවා  
ලොකු පොඩි මේ හැම සතුන් ද වේවා  
පෙනෙන නොපෙනෙනා සතුන් ද වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
මිනිස් ලොවේ හැම මිනිසුන් වේවා  
දෙව්ලොව සිටිනා දෙවිවරු වේවා  
බඹලොව වසනා බඹුන් ද වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
තිරිසන් ගත හැම සතුන් ද වේවා  
පේ‍්‍රත ලොවේ හැම සතුන් ද වේවා  
නිරයේ සිටිනා සතුන් ද වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
මවු පිය නෑසිය පිරිවර වේවා  
හිත මිතුරන් හා ගුරුවරු වේවා  
හිතවත් හා සතුරන් හැම වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
නිවෙසේ සිටිනා සතුන් ද වේවා  
ගම තුළ වෙසෙනා සතුන් ද වේවා  
නගරේ සිටිනා සතුන් ද වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
ලක්දිව වෙසෙනා සතුන් ද වේවා  
ලොවේ ම සිටිනා සතුන් ද වේවා  
සක්වළ වෙසෙනා සතුන් ද වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
උතුරේ දකුණේ සතුන් ද වේවා 
බටහිර පෙරදිග සතුන් ද වේවා 
උඩයට සිටිනා සතුන් ද වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
නාග ලොවේ නා පිරිවර වේවා  
බිහිවෙන බිහිවුණු සතුන් ද වේවා  
හැම තැන වෙසෙනා සතුන් ද වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
සිතේ තරහ ගති දුරු වී යේවා  
ඉරිසියාව ක්‍රෝධය නැති වේවා  
එකටෙක කරනා ගති නැති වේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා  
				 
සන්සුන් වී සිත දමනය වේවා  
වචනයෙන් ද මෙත් සිත පැතිරේවා  
ඉරියවුවත් උවදුරු නොගෙනේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා 
				 
හැම දෙන හැම තැන මෙත් පතුරාවා  
සිවු ඉරියවුවෙ ම මෙත් සිත වේවා  
මෙත් සමාධි සිත නිති සුරැකේවා  
සියලු සතුන් ලොව සුවපත් වේවා  |