සතුට සැනසුම ලබන්න
ලද හැම මොහොතක ම
පින් දහම් කරන්න
මිනිස් ලොව උපත තම තමන් හෝ, අපගේ මවුපියන් විසින් හෝ තීරණය කර තෝරා ගත් එකක් නොවේ.
තමන් කොහේ, කො තැනක හිඳ කෙසේ මරණයට පත් වූවා දැයි නො දන්නා අපි මරණින් මතු මවුකුසක
උපත ලබා තිබෙනවා. මවුකුසක් තිබෙන්නේ මිනිස් මවුවරුන්ට පමණ ද? නැහැ. අනන්ත අප්‍රමාණ
මවුකුස ලෝකවල තිබෙද්දී අප මිනිස් මවුකුසකට ආවේ ඇයි? ඒ පින නිසා ම යි
සසරේ බොහෝ පින් කළ නිසා අප මනුලොව උපන්නා. මේ මිනිස් ලෝකයේ ද විවිධත්වයන් බොහෝ ම
යි. ඇතැම් රටවල මිල මුදල්, වත්පොහොසත්කම් ඇති, නවීන තාක්ෂණික දියුණුව සහිත
සුඛෝපභෝගී ජීවිතයකට පහසුවෙන් උරුමකම් කීම ස්වභාවයෙන් යුක්ත යි. සතුටින් සැපෙන් කල්
ගෙවන එවන් රටවල වැසියන් සතුටින් සිටින බවක් ද බැලූ බැල්මට පෙනෙනවා.
නමුත් අප ඉපදුණේ එවන් රටක නම් නොවෙයි. ඒ ඇයි? පින් මදි නිසා ද? ඇතැම් විට කෙනකුට
එසේ සිතෙන්නටත් පුළුවන්.
මිනිසුන්ට වගේ ම තිරිසන් සතුන්ටත් අප මේ ජීවත්වන පොළෝතලය ම යි වාසභූමිය වී
තිබෙන්නේ. ගොඩබිමේ ද, මුහුදේ ද ජීවත්වන, පෙනෙන නො පෙනෙන සතුන් කොට්ඨාශ මෙ පමණයි කිව
නොහැකියි. අපා, දෙපා, සිව්පා, බහුපා සතුන් කො පමණ මේ මිනිස් වාසය තුළ ම සිටිනවා ද
යන්න කෙසේවත් ගණනකින් දක්වන්නට බැහැ.
ඒ වගේ ම නිරයේ ද, අසුර ලෝකයේ ද, පේ‍්‍රත ලෝකයේ ද ගණනකින් කිව නොහැකි තරම් ප්‍රාණින්
ඉපිද සිටින බව අප සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි විශ්වාසයෙන් යුතු ව පිළිගෙන
තිබෙනවා. ඒ ඕනෑම තැනක අපට ද ඉපදීම පිණිස අවස්ථාව තිබියදීත් අප මිනිස් ලොව ම උපන්නේ
ඇයි? ඒ අප කරගත් පින නිසා.
අප හැමගේ ම උත්පත්ති ස්ථානය තීරණය කරනු ලබන්නේ සසරේ සැරිසරා එද්දී අප විසින් කරනු
ලබන කර්ම කර්මඵල විපාක වශයෙන්. කවුරු විසින් අප මෙහි ඉපදුවේ ද? යන ප්‍රශ්නයට
පිළිතුර නම් පෙර ජීවිතවල සිදු කර ගත් පින යන්න යි. සා පිපාසා, බිය සැක, දුක් කරදර
පමණ කළ නොහැකි වූ සෙසු හීන ලෝකවල උපතක නො පිහිටා මිනිස් ලොව සුගතියේ අප ලද උපත එසේ
අප කරා ගෙන ආ කර්මඵලය වැඩි වශයෙන් පින හා බැඳුනක් බව තහවුරු වෙනවා. ඒ අපට සතර අපා
උපතකින් මිදී මිනිස් ලොව උපදින්නට පින තිබූ නිසයි.
මිනිස් ලොව උපත තම තමන් හෝ, අපගේ මවුපියන් විසින් හෝ තීරණය කර තෝරා ගත් එකක් නොවේ.
තමන් කොහේ, කො තැනක හිඳ කෙසේ මරණයට පත් වූවාදැයි නො දන්නා අපි මරණින් මතු මවුකුසක
උපත ලබා තිබෙනවා. මවුකුසක් තිබෙන්නේ මිනිස් මවුවරුන්ට පමණ ද? නැහැ අනන්ත අප්‍රමාණ
මවුකුස ලෝකවල තිබෙද්දී අප මිනිස් මවුකුසකට ආවේ ඇයි? ඒ පින නිසා ම යි.
අප උපන් මේ බිම ලොව පුණ්‍යවන්ත ම භූමියක්. බුද්ධෝත්පාද යුගයක මෙ බිමේ උපන්නවුන්.
‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියා ලොව අසහාය ශාස්තෘන් වහන්සේ සරණ යන, උන්වහන්සේ වදහළ
ධර්මය ද, ඒ දහම් මඟ වැඩි සඟරුවන ද සරණ යන ගිහි පැවිදි බුද්ධ ශ්‍රාවකයන්ගේ ඇසුර ලබන
පිරිසක්. සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් පිදුම් ලබන බෝ රජුන් වහන්සේ නමක්,
සෑ රජුන් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක් ඇස නො ගැටී කිලෝමීටර් ගණන් යා හැකි
දුරක් මේ පුණ්‍ය භූමියේ නැහැ. ඒ නිසා ගිහි අප ඒ උතුම් ස්ථාන දුටු පමණින් ‘මේ මාගේ
ශාස්තෘන් වහන්සේ උදෙසා වුවක්’ කියා සැදැහැ සිත් උපදවා ගෙන පින් රැස් කර ගන්නට
පුලුවන්කම තිබෙනවා. එය උතුරේ වේවා, දකුණේ වේවා, නැඟෙනහිර වේවා, බටහිර වේවා අපට
තිබෙන අවස්ථාවක්.
සසරේ පිනට අපට සම්බුදුරදුන් සරණ යන්නට ලැබුණා. ශ්‍රී සද්ධර්මය ද, ආර්ය මහා සංඝරත්නය
ද සරණ යන්නට ලැබුණා. බුදු මුවින් ගලා ආ ඒ ශ්‍රී සද්ධර්මය පැහැදිලි ව නිරවුල්ව
අසන්නට ලැබෙනවා. අපට එවිට සිතෙනවා පින් කරන්නට අපට පින තිබුණා කියලා. ඒ පින පොඩි
පිනක් නොවේ. අග්‍ර වූ විපාක මතු උපදවා දෙන අතිශය වටිනා පුණ්‍ය කර්මයක්. ඒ සියල්ල
ලැබුනේ අප කර ගත් පින නිසා ම යි.
මේ ලෝකයේ ඇතැම් රටවල් තිබෙනවා අන්ත දුගී බවින් අනන්ත දුක් විඳින. කුසට අහරක්, ගතට
වස්ත්‍රයක්, හිසට සෙවණක් සොයන බොහෝ මිනිසුන්, මාරාන්තික රෝග පීඩාවන්ගෙන් අනන්ත දුක්
පීඩාවන්ගෙන් අතොරක් නැතිව බැට කන මිනිසුන්ගෙන් පිරුනු රටවල් ද අපට මුණ ගැසෙනවා. අප
උපන්නේ එවන් රටකත් නොවෙයි.
ආගම නාමයෙන් අවි ඔසවන ජාතීන් ලෝකයේ සිටිනවා. ආගම නාමයෙන් මව හෝ පියා හෝ මරා දැමීමට
ඔවුන් පසුබට වන්නේ නැහැ. නිතර ම දඬු මුගුරු ඇති ව, ලේ තැවුරුණු අත් ඇති ව,
දයානුකම්පා විරහිත ව ලැජ්ජා භය ළමා වියේ දී ම නසාගත් පිරිස් මේ ලෝකයේ කෙතෙකුත්
සිටිනවා. යහපත් ලෙස ජීවත් වීමට කැමැති වුවත් එලෙස සිදු නොවන භූමි කොතෙකුත් ලෝකයේ
තිබෙනවා. අපි උපන් බිම ඊට හාත්පසින් ම වෙනස්. අර වගේ ලෝක පසුකරමින් අපි මේ සුන්දර
ධර්මද්වීපයේ උපන්නේ ඇයි? ඒ පින නිසා.
එහෙත් අප මිනිස් ලෝකයේ උපත ලබද්දී අප ළඟ තිබූ යම් පිනක් ගෙවී ගියා. ඒ උපතත් සමඟ,
දුර්ලභ තිසරණ උරුමය ලබද්දී අපගේ සසර පින වඩාත් බලවත් ව ගෙවී යනවා.
වියදම් කිරීමට යම් මුදලක් අතේ තිබෙනවිට අප කැමැති දේ ලබා ගන්නට පුලුවන්කම තිබෙනවා.
ඒ නිසා බුද්ධිමත් කෙනා ගෙවී යන මුදල් නැවත උපදවා ගන්නට දක්ෂ විය යුතු වෙනවා. එහෙම
නොවුනොත් තමා ළඟ ඇති මුදල් අවසන් වූ පසුව බොහෝම දුක්ඛිත අසරණ ඉරණමකට මුහුණ දෙන්නට
සිදු වෙනවා.
අප සංසාරයේ රැගෙන ආ පිනත් ඒ වගේම යි. ඒ පින වියපැහැදම් වෙන එකක්. ලෝකයේ සියලු
සත්ත්වයන් අතර අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ අපට සරණ යන්න අවස්ථාව තිබෙනවා. සියල්ලන්
අතර අග්‍ර වූ ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහ සඟරුවනත් සරණ යන්නට අවස්ථාව උදාවී තිබෙනවා.
ඒ අපගේ සසරේ පින විපාක දුන් අවස්ථාවක්. අපේ පින ගෙවී ගියා කියමින් දුක් තැවුල් සංකා
ඇති නොකර ගෙන පිනෙන් බලවත්වීම නුවණැතියාගේ ක්‍රියාවක්. ඒ සඳහා මේ වන විට බුද්ධ
ශාසනයක් අපට මුණගැසී තිබෙනවා. එහෙම නොකොළහොත් පින අවසානයේ අපට මුහුණ දෙන්නට සිදු
වන්නේ බොහෝම දුක්ඛිත ඉරණමකට යි. එනිසා තිසරණය ලබන්නට වූ පින නසා නො ගෙන, තිසරණය මත
ම පිහිටා පිළිසරණ සොයන්නට අප බුද්ධිමත් සහ දක්ෂ විය යුතු වෙනවා. ඒ සඳහා සත්පුරුෂයන්
වහන්සේ අපට අවවාද කරන්නේ පින නසා ගන්න එපා කියලයි. පිදුම් කළ යුතු උතුමන් කෙරෙහි
වන්දනාමාන පුද සත්කාර කරන ලෙසයි.
එනිසා මිනිස් ලොව උපතක් ලද මේ පින්බර ජීවිතය පිනෙන් ම පිරී ගත්තක් බවට පත් කර ගත
හැකියි. පින ගැන ද, පින් උපදවනා සරණ ගැන ද නො දන්නාකම නිසා මැණික පය වැදුන ද අහුලා
නොගන්නා අන්ධනයන් සේ අපමණ පින්ඵල උපදවන පින්කෙත හමුවේ පින නසා ගන්නා මිනිසුන් බවට
සමහරු පත් වී තිබෙනවා.
එනිසා පිනට ගරහන්නේ නැති ව, පින නසා ගන්නේ නැතිව පිනෙන් පෝෂණය වීමට වීර්යය වඩමු.
නයනා නිල්මිණී |